Saturday, June 3, 2023
spot_img

Latest Posts

විදුලි බුබුළු 50% ක් නිවා දමන්න – පරිසර ඇමති

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දී සිටින බැවින් විදුලිය අරපරෙස්සමෙන් භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ඇමතිවරයා පවසනවා. ඒ අනුව රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනද මෙවැනි ක්‍රියාමාර්ග ගතයුතු බව අමරවීර මහතා සඳහන් කරනවා.

මේ අතර අද දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබූ නමුත් ඇතැම් ප්‍රදේශවල පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කර තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.