පාර්ලිමේන්තුවේ පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් මහින්ද එකතු වෙලා – කරුගෙන් චෝදනාවක්

0
1588

2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එම විමර්ශන නතර කිරීමට සිදුවූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම් මත බවද ජයසූරිය මහතා පෙන්වා දෙනවා.

ඇති වූ නොසන්සුන්තාවය අතරමැද තමාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වූ බවද ඔහු සඳහන් කරනවා.

වත්මන් දේශපාලන තත්වය පිළිබඳව දැඩි කළකිරීමෙන් සිටින බවත්, විශේෂයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට ඉතා භයානක ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස හැඳින්විය හැකි බවත් පවසන කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ රටට ආයෝජකයන් අහිමිවීමටද මෙම ව්‍යවස්ථා සංශෝධනය හේතු වී ඇති බවයි.

Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කරු ජයසූරිය මහතා සඳහන් කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට ආණ්ඩු පෙරළියක් සිදු කිරීම හෝ රටේ බලය හිමිකර ගැනීම සම්බන්ධයෙන් හෝ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here