වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන රජයේ අවධානය!

Date:

රෂිකා හෙන්නායක ජනජනවාරි 20,කොළඹ LNW :

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා වූ 2026 අයවැය සහන ලබාදීම් සඳහා වන ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වතු සේවකයින්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබා දීමේ අරමුණින් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550/- දක්වා වැඩි කිරීමට සහ පැමිණීමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200/-ක් ඔවුන්ට ගෙවීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී යෝජනා කරන ලදී. 

ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇති බව රජය පවසයි. 

ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාල සීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. 

ඒ අනුව, එකී ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ දිරි දීමනාව වතු කම්කරුවන් වෙත ගෙවීම පිණිස කම්කරු අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සම්පූර්ණ කැබිනට් තීරණ පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

යුක්තිය සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා – විපක්ෂ නායක

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා...

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...