යුක්තිය සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා – විපක්ෂ නායක

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙය බරපතල සමාජ ගැටලුවක් බවත් අමාරුවෙන් මුදල් උපයන මිනිසුන්ගේ මුදල් මංකොල්ලකන පුද්ගලයන් වෙනුවෙන් විධිමත් නීති පද්ධතියක් නිර්මාණය කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (20) නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී රේන්බෝ හා නිව් රේන්බෝ විදේශ රැකියා නිසා අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාව හා එක්වෙමිනි. ඊට අදාළ නඩුව අද අධිකරණයේදී විභාගයට ගැනුණි.

රේන්බෝ සහ නිව් රේන්බෝ විදේශ රැකියා ආයතන දෙක නිසා අගතියට පත් 640කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් මේ අයගෙන් කෝටි 86-90ක පමණ වංචාවක් සිදුව ඇති නිසා මේ වංචාව නිසා අසහනයට පත් අයට නොමිලේ නීති සහාය ලබා දෙන බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මේ ගැටලුව නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකයා එහිදී පැවසුවේය.

මේ වන විට මෙම වංචාවට අදාළව එක් අයකු පමණක් අත්අඩංගුවට ගත්තත් තවත් අය සිටින නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලපෑම් කරන බවයි හෙතෙම සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...