කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් – සජිත් (VIDEO)

බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමාජයට යුතුකම් සහ වගකීම් ඉටුකරන බොහෝ තැන්වල කාන්තා හිංසනය වැඩිවී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, කාන්තා හිංසනයට එරෙහිව නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන බරක් අර දරාගෙන සිටින්නේ කාන්තාවන් බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් බවත් පෙන්වා දුන්නේය.

පැෆරල් සංවිධානය මගින් කාන්තා නියෝජනය දිරිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ “වෙනසකට මගක්” සම්මන්ත්‍රණය ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...