VIP සමාජවාදී නායකයන්ට විපක්ෂ නායක සජිත්ගෙන් අභියෝගයක් (VIDEO)

Date:

අප රටේ මේ වන විට වීඅයිපී සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්ධන පන්තිය, සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ ළමයින් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් එහෙත් අප රටේ නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් එහි බෙදීමක් පවතින බවත් එම බෙදීම තුරන් කිරීමට සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

VIP සමාජවාදින් දෙනෙකුගේ පාසලට තමා බස් රථයක් නොමිලේ ලබා දුන් නිසා එම වීඅයිපී සමාජවාදීන්ට තරහ ගොස් ඇති බවත් මහලොකුවට නිර්ධන පන්තිය ගැන කයිවාරු ගහන ඔවුන්ට අවම වශයෙන් පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වුවත් මෙම බස් රථය ලබා දීම නිසා අපහාස, උපහාස ආදිය කරන බවත් පවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (16) හොරොව්පතානේදී පැවැති ජන හමුවක් අමතමිනි. හොරුව්පතාන සමගි ජනබලවේගයේ බලමණ්ඩල රැස්වීම අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්විණි.

බ්‍රෑන්ඩඩ් ඇදුම් අදින ඔවුන් කරන මේ අපහාස කිසිවක් නොතකන බවත් බස් මෑන් නෙමෙයි ඊටවඩා නම් කිව්වත් පාසල් සිසුන් වෙනුවෙන් කරන මේ ගමන නවත්වන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පුළුවන් නම් මේ බස් ලබා දෙන එක නතර කර පෙන්වන ලෙසයි. ඔවුන්ට පුළුවන් බස් ගිණි තියන්න සහ වෙඩි තියන්න වුවත් ඒ කිසිවකවත් තමා බිය නොවන බවද පැවසීය. එමෙන් ම බොරු අපහාස උපහාස නොකර ජනතාවට සංවර්ධනයෙන් සේවය කිරීමට පැමිණෙන ලෙස අභියෝග කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී පැවසීය.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ද මැතිවරණයට බය වී ඇති බවත් වැටුප් වෙන්න, මැතිවරණ තියන්න මුදල් නොමැති වුවත් ලක්ෂ 2000ක් වියදම් කර නිදහස් උත්සවයක් තියන්න මුදල් තිබෙන බවත් එබැවින් කිසිදු ජගතෙකුට මැතිවරණය නැවැත්වීමට හෝ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...