මැඩිල්ලේ හිමි අලි සබ්‍රිගෙන් සමාව ගනී – නඩුව සමථයකට

0
966

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාට අපහාස හෝ අපකීර්ති වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට සිදු නොකරන බවට ‘සිංහලේ’ සංවිධානයේ සභාපති මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පොරොන්දු වී තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණයේදීයි.

තමන් අපකීර්තියට පත්වන ප්‍රකාශ සිදුකළ බව හා එම ප්‍රකාශ සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කළ බව පවසමින් අලි සබ්‍රි ඇමතිවරයා කොළඹ දිසා අධිකරණය හමුවේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට එරෙහිව ගොනුකර තිබූ නඩුව ඊයේ (19) කැඳවා තිබිණි. තමාට සිදුකළ අපහාසයට වන්දි ලෙස රුපියල් කෝටි 150 ක වන්දියක් ලබාදෙන ලෙසද ඇමතිවරයා සිය නඩුවෙන් ඉල්ලා තිබිණි.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇමතිවරයාගෙන් සමාව ගැනීමත් සමග මෙම නඩුව සමථයකට පත්ව තිබෙනවා.

මෙම නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් සඳහන් කළේ දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණ ඇති බැවින් නඩුව අවසන් කිරීමට එකඟ වන බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here