අවුරුදු 19 න් පහළ තරගාවලියේ පළමු ජයග්‍රහණ දකුණු අප්‍රිකාවට සහ අයර්ලන්තයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 20 කොළඹ (LNW): අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග දෙකේ ජය පිළිවෙලින් සත්කාරක දකුණු අප්‍රිකාවට සහ අයර්ලන්තයට හිමි වුණා.දකුණු අප්‍රිකාව වෙතින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් වූ අතර අයර්ලන්තය වෙතින් පරාජයට පත් වුණේ ඇමෙරිකාවයි.

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙවි තරගය තියුණු මුහුණුවරක් ගත් අතර සත්කාරකයන් අවුලට පත් කරමින් කඩුලු 6 ක් ම ලකුණු 145 ට දවා ගනිමින් කොදෙව් තරුණයෝ පෙරමුණට ආහ.එහෙත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූ ඩෙවන් මරයිස් පීඩනයට එරෙහිව ප්‍රති පීඩනය යන න්‍යායේ පිහිටා දියත් කළ වේගවත් ඉණීමෙන් පන්දු 38 දී ලකුණු 65 ක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාවේ ගමන් මඟ යහපත් අතට හැරවීය.නායක ජුවාන් ජේම්ස් ලකුණු 47 න් ඩෙවන්ට සහය වෙමින් හත්වන කඩුල්ල ලකුණු 131 ක් එකතු කරන්නට සමත් විය.

මේ සබඳතාවය නිසා පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 9 ට ලකුණු 285 ක් ලබා ගත් දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 286 ක ඉලක්කයක් ලබා දුන්නේය.ඒ සඳහා සාර්ථක පිළිතුරුක දීමට කොදෙව් පිතිකරුවන් මද පැකිලීමක් පෙන් වුව ද,ඒ පීඩනයට ආරක්ෂාවට වඩා ආක්‍රමණය සුදුසු බව පෙන් වූ කොදෙව් කඩුලු රකින්නා ජෙවාල් ඇන්ඩෘ ප්‍රදර්ශනය කළ ප්‍රහාරය පන්දු 96 න් ගලා ආ ලකුණු 130 ක් වූ අතර ඒ ශතකය මේ තරගාවලියේ පළමු ශතකය ද විය.ජවෙල් නවවන කඩුල්ල ලෙස ලකුණු 250 දී දැවී ගිය අතර ඉනික්බිති කොදෙව් ඉණිම 254 දී නිමාවට පත් වූයේ සත්කාරකයන්ට ලකුණු 31 ක ජයක් අත්කර දෙමින්ය.කොදෙව් ඉණිම විනාශ කිරීමට මූලිකත්වය ගනිමින් ලකුනු 38 ට කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙණුනු ක්වේන් මපාකා තරගයේ වීරයා විය.

ලකුණු සටහනට →
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/south-africa-under-19s-vs-west-indies-under-19s-2nd-match-group-b-1399725/full-scorecard

දෙවන තරගයේදී ඇමෙරිකානු කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක් ජයක් වාර්තා කරන්නට අයර්ලන්ත අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකාව ලකුණු 105 ට සීමා කරන්නට අයර්ලන්තයට හැකි වුණා.ඇමෙරිකානු ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ කුෂ් බලාලා ලකුණු 22 ක් නොදැවී ලබා ගන්නට සමත් වුණා.අයර්ලන්ත තරුණයන් අතර හොඳම පන්දු යැවීම වාර්තා කළ ඔලිවර් රිලී ලකුණු 21 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.

පිළිතුරු ඉණිමේදී අවශ්‍යය ඉලක්කය කඩුලු 3 ක් පමණක් දැවි පන්දු ඕවර් 22.5 ක් තුළ වාර්තා කළ අයර්ලන්තය වෙනුවෙන් රයන් හන්ටර් නොදැවී ලකුණු 50 ක් රැස් කරන්නට සමත් වුණා.

ලකුණු සටහන →
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/ireland-under-19s-vs-united-states-of-america-under-19s-1st-match-group-a-1399724/full-scorecard

ධායාරූඵවල දැක්වෙන්නේ තරගාවලියේ පළමු ශතකය වාර්තා කරන්නට සමත් වූ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ ජෙවාල් ඇන්ඩෘ සහ මෙවර තරගාවලියේ තරගයකදී පළමුවරට කඩුලු 5 සීමාවට පිවිසි ක්වේන් මපාකා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...