හමුදා අභ්‍යාස නිසා කොරියානු අර්ධද්වීපය උණුසුම්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කොරියානු අර්ධද්වීපය මේ දිනවල දේශපාලනික වශයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍යවල වාර්තා කරයි.

දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා එක්ව සිදුකරනු ලබන හමුදා අභ්‍යාසය මෙයට හේතුව වී ඇති බවට සැලකේ.

එම අභ්‍යාසයට උතුරු කොරියාව දක්වන ප්‍රතිචාරය දෙස සියලුදෙනා විමසිල්ලෙන් සිටින අතර උතුරු කොරියාව පවසන්නේ ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් තමන් අත්හදා බැලූ බවය.

එම අත්හදා බැලීම “Haeil-5-23” ලෙස නම කර ඇති අතර, එරට නැගෙනහිර මුහුදේ එම අත්හදාබැලීම් සිදුකර ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකතු කිරීමට හැකියාවක් නොමැති බවත්, දකුණු කොරියාව, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා ලෙස සලකන බවත්, පසුගිය සතියේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මෑතකදී පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...