*
Wednesday, January 22, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව වාර්තා සමඟ පෙරට

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 21,(LNW)කොළඹ :


අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ද දෙවන ජයග්‍රහණය අද වාර්තා වුණා.ඔවුන් අතින් පරාජයට පත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.ජයග්‍රහණ සිඳු වුණේ ලකුණු 81 න් සහ වාර්තාගත ලකුණු පූවරුවක් හරහායි.

ශ්‍රී ලංකාවේ වාර්තා
මේ තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලැබූ ලකුණු 166 අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් ලැබූ විශාලතම ලකුණු ප්‍රමාණය බවට වාර්තා වෙනවා.ඊට පෙර ඔවුන් මැලේසියාවට එරෙහිව ලැබූ ලකුණු 162 වැඩිම ලකුණු සංඛ්‍යාව වෙනවා.වැඩිම ලකුණු පරතරයකින් කණ්ඩායමක් ජය ලැබීමේ වාර්තාව ද හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.ඔවුන් මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 139 ක ජය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 81 ජය ඊ ළඟට හමුවන විශාලතම ජයග්‍රහණයයි.එසේම ශ්‍රී ලංකාව කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට දවාලීමේ වාර්තාවටද හිමිකම් කියනවා.ඒ වාර්තාව මැලේසියා කණ්ඩායම ලකුණු 23 ට දවා ගනිමින් පිහිටුවා තිබෙනවා.

මේ අතර මේ දක්වා මෙවර තරගාවලියේ වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කරන්නට දැහැමි සෙනෙත්මාට හැකි වී ඇත.එසේම මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු එකතුව ඇත්තේ ද ඇය සතුවය.තරගාවලියේ වැඩිම කඩුලු හිමිකාරියව සිටින්නේ චමුදි ප්‍රබෝධා ය.එසේම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සතුව සිටින ජාතික කණ්ඩායම නියෝජනය කරන පන්දු යවන්නිය වන ශෂිනි ගිම්හානි මේ දක්වා තරගාවලියේ යවා ඇත්තේ එක් පන්දු ඕවරයක් පමණි.ඇය එම පන්දු ඕවරයේදී එක ලකුණකට කඩුල්ලක් දවා ගැනීමට සමත් වී නිසා ඉදිරියේදී තිරණාත්මක තරගවල විශාල කාර්යභාරයක් ඇයි විසින් කරනු ඇතැයි සිතිය හැකිය.
ආරම්භක පිතිකාරිනියන් මේ තරගාවලියේදී වෙනස් වී ඇත.සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලාගේ ආරම්භය මේ දක්වා යහපත් ලක්ෂණ පෙන්නුම් කරන්නේය.ඒ අතරින් සංජනා වේගවත් ඉණිම් දෙකක්ම ක්‍රියාත්මක කරන්නට සමත් විය.ඇය දැහැමිට පසුව තරගාවලියේ වැඩිම ලකුණු එකතුවට උරුමකම් කියන අතර තෙවැන්නියද ලාංකේය මනුදි නානායක්කාර ය.
මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැදගත්ම අංශය ලෙස විශාල ප්‍රගතියකට ලක්ව තිබෙන්නේ පන්දු රැකිමය.පන්දුව නැවත භාර දීමේදී දක්වන ඉලක්ක සහගතබව ඒ අතරින් වැඩිපුර අගය කළ යුතුය.එම තත්ත්වය ඉදිරි තරගවලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට බෙහෙවින් බලපානු ඇති අතර මැලේසියා තරගයේදී තරම් දක්ෂතාවයක් කොදෙව් තරගයේ දී නොදුටු අතර ඒ තත්ත්වය ඉන්දීය තරගය වන විට අවබෝධයෙන් වෙනස් කර ගැනීම වටින්නේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මෙවැනි වාර්තා සඳහා යන්නට සහභාගි වූ තරග දෙකේම පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලැබීම හේතු වුණා.එහෙත් පළමුව පන්දුවට පහර දුන්න ද ඒ අවස්තාව වගකීමෙන් භාවිතයට නොගත්තේනම් ශ්‍රී ලංකාවට මෙතරම් දස්කම් දැක්වීමට නොහැකි වන නිසා එහිදී පන්දුවට පහර දුන් පිතිකාරිණියන් දැක් වූ වාර්තාගත දස්කම් ඇගයිය යුතු වෙනවා.එසේම ඉදිරි තරග සඳහා එම හැකියාව ගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු ද වෙනවා.

රශ්මිකා
ගෙවුණු මෑත ඉකිහාසය සළකද්දී රශ්මිකා සෙව්වන්දි ශ්‍රී ලංකාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස මතුව පෙණුනේය.එ නිසාම මේ වන විටත් ජාතික කණ්ඩායම සමඟ එක්ව සිටින ශෂිනිට පසුව රශ්මිකාට සහ මනුදි ට නුදුරේම ජාතික කණ්ඩායමේ ඉඩක් හිමි විය යුතු බව අපි අවස්ථා කිහිපයකදීම සපත කළෙමු.එහෙත් ගෙවුණු තරග දෙක තුළ රශ්මිකා වගකීමකින් තොරව,අධි විශ්වාසයකින් මෙන් ක්‍රීඩා කරන ආකාරයක් දකින්නට ලැබිණ.ඒ නිසාම තරග දෙකේම ලකුණු නොලබා දැවී ගිය රශ්මිකා ඒ අවස්ථා දෙකේම නොසැළකිල්ලෙන් සහ අනෙකා සම්බන්ධයෙන් අඩු තක්සේරුවකින් පහර එල්ල කරන බවක් දකින්නට ලැබිණ. වේගවත් පහරවල්වලින් පමණක් නොව එක ලකුණු දෙක ද ජයග්‍රහණයට වැදගත් බව තේරුම් ගෙන රශ්මිකා ක්‍රියා කළ යුතුය.අප දැනටත් ඇය ජාතික කණ්ඩායමට ඉතා ඉක්මණින් කැඳවිය යුතු තරමේ ක්‍රීඩිකාවක්ය යන මතයේම සිටින අතර එය තහවුරු කර ගැනීමට අවශ්‍යය මානසික ස්ථාවරය සහ සහතිකය ඇය විසින් උපයාගත යුතුය.
ඉදිරි තරග අතිශයින් රශ්මිකාට වැදගත් වන අතර එහිදී ඇය ගෙවුණු තරග දෙකට වඩා දැඩි අභියෝගයකට මුහුණ දෙන්නට වන තරගවලදී සිය සැබෑ දස්කම් දැක්වීමට හැකි මට්ටමට නිරහංකාරිව පැමිණිය යුතුය.අවුරුදු 16 – 17 ආදී වයස්වල විශීෂ්ඨ හැකියාවන් තිබෙන ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩකයන් හමු විය හැකි වුව,ඒවා වයසට වඩා ගැඹුරින් සිතා,පල බර මිනිසුන් බවට පත්වීමට මෝරපු කියවීමක් ද තිබිය යුතුය.රශ්මිකා ඒ දේ නිවැරදිව කියවා ගන්නේනම් ඉදිරි තරගවලදී ශ්‍රී ලංකාවට භාග්‍යයක් මෙන්ම සෙසු කණ්ඩායම්වලට අභාග්‍යයේ දොරටුව විවර කර දෙන්නියද වනු ඇත.

කොදෙව් තරගය
ලකුණු 166 ක් කරා යාමට පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ හොඳ කඩුලු සබඳත තුනක්ම වාර්තා වීම හේතුවෙන්ය.ආරම්භක කඩුල්ලේ සබඳතාවය ඒ අතරින් කැපී පෙණින.සංජනා කාවින්ද පන්දු 36 න් ලකුණු 38 ක් ලැබීය.සුමුදු නිසංසලා ගේ ලකුණු 19 ක දායකත්වය සමඟ ආරම්භක කඩුල්ලට ලකුණු 54 ක් එක් කරන්නට මෙ දෙදෙනා සමත් විය.නැවත දෙවන කඩුල්ල වෙනුවෙන් සංජනා සහ පන්දු 31 න් ලකුණු 37 ක් ලැබූ මනුදි නානායක්කාර ඇති කළ සම්බන්ධය ලකුණු 48 ක් විය.
පන්දු 25 දී නොදැවී ලකුණු 31 ක් ලැබූ දැහැමි සෙනෙත්මා සහ මනුදි අතර ලකුණු 25 ක සබඳතාවයක් ඇති වූයේ පස්වන කඩුල්ලටය.නැවත හයවන කඩුල්ලට අවසාන භාගය දැහැමි ට වගකීම පවරමින් නොදැවි ලකුණු 4 ක් රැස් කළ ශෂිනි ගිම්හානි හයවන කඩුල්ල සඳහා දැහැමි සමඟ නොබිදුණු ලකුණු 29 ක සබඳතාවයක් ඇති කළේ පන්දු 19 ක් තුළය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත්තේ සෙලේනා රෝස් ය.ඇය ලකුණු 25 ට කඩුලු 2 ක් දවා ගත්තේය.කොදෙව් ක්‍රීඩිකාවන් තරගාවලිය සම්බන්ධයෙන් ඉතා හොඳ සූදානමකින් පිවිස නැති බව දැණුනේ ඔවුන් වයිඩ් පන්දු 20 ක් සහ නිපන්දු 7 න් ලකුණු 27 ක් සමඟ ශ්‍රී ලංකාවට අමතර පන්දු ප්‍රමාණයක් ද ලබා දුන් බැවිනි.පිළිතුරු ඉණිම තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකාරිණිය වූ සමාරා රාම්නාත් ලකුණු 24 ක් රැස් කරන්නට සමත් විය.එම දායකත්වය ප්‍රධාන කර ගත් කොදෙව් ඉණිම ලකුණු 85 ට සීමා වුණේ ශ්‍රී ලංකා දග පන්දු යවන්නියන්ගේ දස්කම් හේතුවෙන්ය.
ඒ අතරින් කැපි පෙණෙනම පන්දු යැවීම සිඳු කළ චමුදි ප්‍රබෝධා ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණයේ වීරවරිය බවට පත් වුණා.ලිමන්සා තිලකරත්න ලකුණු 7 ට කඩුලු 2 ක් සහ අසේනි තලගුණේ ලකුණු 16 ට කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.කඩුලු රකින්නියක ලෙස සුමුදු නිසංසලාගේ ක්‍රියාකාරීත්වය සහ අවධානය පිළිබදව ද විශේෂ අවධානයක් යොමු වුණු මේ තරගයේදී ඇය කඩුල්ල පිටුපස සිට කරන කාර්යභාරයට විශාල වගකීමක් ඇති බව පැහැදිළි කළා.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan