සංවර්ධන නිලධාරීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

සටහන – රුවන් නෙළුගොල්ල

සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද (09) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ, ක්ෂේත්‍ර දීමනාව වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ අනුරාධ සෙනවිරත්න මහතා,

“මැතිවරණයට පෙර අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සංවර්ධන නිලධාරී සමුළුවකදී සපථ කළා පළමු කැබිනට් පත්‍රිකා 10 තුළ සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනවා කියලා. නමුත් මේවාට විසඳුම් ලබාදෙන්න මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැ කියලා දැන් පැහැදිලියි. ජනාධිපතිතුමා ඊයෙත් කියනවා දැක්කා දීමනා 100%කින් වැඩිකරනවා කියලා. සංවර්ධන නිලධාරීන්ට රුපියල් 300ක ක්ෂේත්‍ර දීමනාවක් පමණයි ලැබෙන්නෙ. මං හිතන්නෙ ඔය කියන්නෙ ඔය 300 රුපියල් 600 දක්වා වැඩිකරන කතාව. ඒක අද වෙනකොට පෙට්‍රල් ලීටරයක් ගහගන්නවත් ප්‍රමාණවත් නැහැ”

මෙම වැඩවර්ජනය සිදුකරන්නේ වෘත්තීය සමිති 12ක එකමුතුවෙන් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...

සිමෙන්ති මිල වැඩි කරයි

සටහන - රුවන් නෙළුගොල්ල සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල්...

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...