සමූප ඡන්දයෙන් පැරදුණු සනත් නිශාන්ත කියන කතාව (VIDEO)

Date:

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වුවහොත් තමන් පළාත් සභා හෝ වෙනත් මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

“ජනතා විමුක්ති පෙරමුණට අපි කියනවා, කිසි ගැටලුවක් නෑ. සමූපකාර ඡන්දයට මම ඉල්ලුවේ අධ්‍යක්ෂවරයෙක් වෙන්නවත් සමූපකාරෙ සභාපතිවරයා වෙන්නවත් නෙවෙයි, මහාසභාව නියෝජනය කරන්න. යම්කිසි කෙනෙක් හිතන් ඉන්නවා නම් සනත් නිශාන්තලාගෙ දේශපාලනය ඉවරයි කියලා, ඉතින් සමූපකාර නිලවරණය වෙලාවේ මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම නැතිවෙන්නෙත් නෑ, මගේ රාජ්‍ය ඇමති ධුරය නැතිවෙන්නෙත් නෑ. ජනතාව ප්‍රතික්ෂේප කෙරුවොත් – මම ඉතාමත්ම පැහැදිලිව කියනවා – පාර්ලිමේන්තු මැතිවරණයේදී මම පරාජයට පත්වුණොත් ඊළඟට මම ආයෙ පළාත් සභා එන්නවත් ඊළඟ මැතිවරණයේදී ප්‍රාදේශීය සභාවට එන්නවත් ඊළඟ මැතිවරණයේදී සමූපකාරයට එන්නවත් බලාපොරොත්තුවක් නෑ. බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂය, ඔය 3%ක් ගත්ත දේශපාලන පක්ෂ පොඩි මෝඩ චූන් එකක් ගන්නවා නම් ඒක ගත්තාට අපේ කිසි බාධාවකුත් නෑ”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය සතියේ පැවති ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපකාර සමිතියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ නිලවරණයට ඉදිරිපත් වූ සනත් නිශාන්ත මහතා එහිදී අන්ත පරාජයකට ලක්ව තිබිණි. එහිදී නියෝජිතයින් 19 දෙනෙකු අතරින් 9 දෙනෙකු තෝරාගනිද්දී සනත් නිශාන්ත මහතාට ලැබී තිබුණේ 11 වැනි ස්ථානයයි. එම ප්‍රාදේශිකයේ වැඩි බලය හිමිකරගෙන තිබුණේ ජාතික ජන බලවේගය විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...