පාපන්දු නිලවරණයට උසාවියේ දී යෙලෝ කාඩ්…?

පාපන්දු නිලවරණය පැවත්වීම නීති විරෝධි බවට හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමට අභායාචනාධිකරණය තීරණය කර ඇත.ජනවාරි 20 වන දා දෙවන දිනටත් ඒම පෙත්සම විභාගයට ගත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන සෝභිත රාජකරුනා සහ ධම්මික ගණේපොල මෙම තීරණය ගෙන ඇත.


විභාගයට ගැනීමට නියම කළ පෙත්සමේ දක්වා ඇති වගඋත්තරකරුවන් වන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් නොතිසී නිකුත් කරන ලෙස ද විනිසුරුවෝ නියෝග කළහ.


ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන සහ සංගම් රට රටවල්වල ක්‍රීඩාවන් දේශපාලන අධිකාරියේ බලපෑම්වලින් දුරස්ව තිබිය යුතු බව නිරන්තරයෙන්ම පවසන අතර ඒ අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි ස්ථාවරයක සිටින්නේය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ ඇති ක්‍රීඩා සංගම් මෙන්ම ඒම කමිටුව ද මේ ගැන දැඩි අවධානයකින් පසුවන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දේශපාලනිකව කරන මැදිහත්වීම් මෙන්ම ක්‍රීඩා පණතේ සංශෝධන සංගම්වල ස්වාධිනත්වයට දේශපාලන බලපෑම් ඒල්ලවෙන ආකාරයෙන් සිඳුවන්නේ යැයි සැක පළකරමින් සහ නොසතුට පළ කරමින් ද ඇත.


එවැනි පසුබිමක ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධානියා අමාත්‍යවරයා පත් කළ අධික්ෂණ කමිටුවක් මඟින් ජස්වර් උමාර් ට නිලවරණයට ඉදිරිපත් වීම වැළක්වීමට තීරණය කරමින් නිලවරණ කමිටුවට දැණුම් දීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ද අවධානය යොමුකර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...