ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Date:

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින්, ඇවන්ගාඩ් සමාගම, එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ ගොනුකළ පැමිණිල්ලකට අනුව, කොමිසම හමුවේ පෙනී සිටින්නැයි තමාට නොතීසි නිකුත් කර තිබූ බව සිය පෙත්සමෙන් පෙන්වා දෙන ශානි අබේසේකර මහතා පවසන්නේ එම පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...