ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට එස්. ශ්‍රීධරන් පත්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත් වී ඇත.

ඒ අදාළ තනතුර සඳහා අද (21) පැවති රහස් ඡන්දයෙන් අනතුරුවයි.

එම රහස් ඡන්දය ත්‍රිකුණාමලයේ දී පැවති අතර පක්ෂ නියෝජිතයින් 340 දෙනෙකු රහස් ඡන්දය භාවිතා කිරීමටයි නියමිතව තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේෂ්වරන් එම තනතුර සඳහා තරග කළ සෙසු සාමාජිකයන් වේ.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුවයි මෙලෙස නව නායකයෙකු තෝරා පත් කර ගැනීමට තීරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...