මාර්ග සංවර්ධන අධිකාරියෙන් VAT FREE වෙළඳසැල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහන් මාලාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බවයි.

අදාළ වෙළඳසැල් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර පරිශ්‍ර තුළ පවත්වාගෙන යාමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

“අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රාශියකට වැට් බදු අය කිරීමක් සිදුවන්නේ නැහැ. සහල්, එළවළු, පලතුරු, ඖෂධ, ළදරු කිරිපිටි ආදී වැට් බදු අය නොවන භාණ්ඩ වර්ග රාශියක් පවතිනවා. නමුත් එදිනෙදා සිල්ලර වෙළඳ සැල්වලින් භාන්ඩ මිලදී ගැනීමේදී මෙම මිල වැඩිවීම් සිදුවී ඇත්තේ වැට් බදු අය කිරීම හේතුවෙන් බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා.

බඩු මිල වැඩිවීමට හේතුව වැට් බදු අය කිරීම බවට වෙළඳුන්ද ප්‍රකාශ කරනවා. මෙය ඉතාමත් අසාධාරණයි.

සාධාරණ වෙළඳ සමාචාර ඇති කිරීම සඳහා පවතින ක්‍රමය තුළ කටයුතු සිදු නොවන්නේ නම්, අප අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර පරිශ්‍ර පවත්වාගෙන යා හැකි ස්ථාන රාශියක්‌ පවතින බැවින්, ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමෙන් අනතුරුව, තරඟකාරී, සාධාරණ වෙළඳාමේ නිරත වීමට සුදානම් පිරිස් සඳහා එළවලු, සහල්, ළදරු කිරිපිටි වැනි වැට් බඩු අය නොකරන භාණ්ඩ සඳහා පමණක් වෙළඳසැල් ජාලයක් රට පුරා පිහිටු වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යංශයේ ලේකම්තුමා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එවිට එම වෙළඳසැල්වල අලෙවි කරනු ලබන්නේ වැට් බදු අය නොකරන භාණ්ඩ පමණයි.

ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සුදුසු ස්ථානවල සුදුසු වෙළඳ කුටි ඉදිකර දීමට අවශ්‍ය කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.

එවැනි වෙළඳසැල් ජාලයක් තුළින් වැට් බදු අය කිරීමකින් තොර අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලට මිලදී ගැනීම සඳහා අවස්ථාව ජනතාවට හිමිවනු ඇත. “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...