දවසට පැය එකහමාරක් විදුලිය කපන්නම ඕනෑ. හැමෝම කැපකිරීම් කළයුතුයි – ගම්මන්පිල (VIDEO)

Date:

ඊළඟ වැසි කාලය එළඹෙන තුරුම දිනකට පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් වහාම ආරම්භ කළයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

“අප්‍රේල් මාසෙ වැස්ස පටන් ගන්නකල් අපට තෙල්වලින් තමයි විදුලිය නිෂ්පාදනය කරන්න වෙන්නෙ. අපි දැන් පැය 24ම විදුලිය දෙන්න හදන උත්සාහයේදී මට තේරෙන විදියට නම් මාර්තු අග වෙනකොට කොහෙන් හරි ලොකූ ඩොලර් ණයක් නොගත්තොත් – ණයක් ගත්තොත් පොළීත් එක්ක ආපහු ගෙවන්න වෙන්නෙ – අපට පැය 4ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙනකොට. ඊට වඩා හොඳ නැද්ද දැන් ඉඳන්ම අපි ඊළඟ වැස්ස එනතුරු පැය එකහමාර ගාණෙ කපාගන්න තැනකට ගියොත් ?

දවස් දෙකක් හොඳ හෝටලයකින් කාලා දවස් 28ක් බඩගින්නේ ඉන්නවාද, එහෙම නැත්නම් එළවළු පළතුරු ටික කඩෙන් ගෙනල්ලා ගෙදර උයාගෙන කාලා දවස් 30 වේල් තුනම කනවාද කියලා ප්‍රශ්නයක් තමා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙදී හැමෝම කැපකිරීම් කළයුතු වෙනවා. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා කියලා ජනතාව දැනගන්න ඕනේ”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (21) හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...