යේමන් බන්ධනාගාරයකට මාරක ගුවන් ප්‍රහාරයක් – 70කට වඩා මරුට

Date:

යේමනයේ උතුරුදිග සාදා නගරයේ බන්ධනාගාරයකට ඊ‌යේ රාත්‍රියේ මාරක ගුවන් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයේ වගකීම සෞදි අරාබිය භාර ‌නොගනියි.

දැනට පවතින වාර්තාවලට අනුව අවම වශයෙන් 70කට අධික පිරිසක් මෙයින් ජීවිතක්ෂයට පත් ව තිබේ.

යේමනයේ පවතින හූති ගරිල්ලා ආණ්ඩුවට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදාව විසින් මේ වන විට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, යේමන් බන්ධනාගාර ප්‍රහාරය එහි නවතම තත්වය වේ.

හූති ගරිල්ලා කණ්ඩායම් විසින් පසුගිය සඳුදා දිනයේ සෞදි නගර වෙත එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මෙය සිදුකරන්නට ඇති බව සැලකේ.

මේ වන විට ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශවකරුවන් රැසක්, මෙම ප්‍රහාරය දැඩි සේ හෙළාදැක ඇත.

මේ වන විට උතුරුදිග යේමනය පාලනය භාරව සිටින්නේ යේමනයේ සෞඛ්‍ය ඇමතිවරයා ය. ප්‍රහාර සිදුවූ නගරය ද උතුරු යේමනයට අයත් වේ.

ඔහු පවසා තිබෙන්නේ මිය ගිය සියලු දෙනා බන්ධනාගාර රැඳවියන් බවයි. තුවාළ ලැබූවන්ගේ තත්වය බරපතළ හෙයින් ඉදිරියේදී මරණ ගණන තවත් ඉහළ යනු ඇතැයි ද ඔහු අල් ජසීරා පුවත් සේවය සමග පැවසුවේය.

AFP පුවත් සේවාවට අනුව, තුවාළ ලද ගණන 138 කට අධික ය.

ඊයේ රාත්‍රිය පුරා එල්ල වූ සෞදි සන්ධානයේ ප්‍රහාරවලට යේමනයේ ටෙලිකොමියුනිකේෂන් කුලුන ද ඉලක්ක වූ අතර, මේ වන විට රටේ අන්තර්ජාල පහසුකම් ද බිඳ වැටී තිබේ. යේමනයේ අන්තර්ජාල සැපයුමේ ඒකාධිකාරය, රාජ්‍ය හිමිකාරිත්වය දරණ TeleYemen නමැති සමාගමට අයත් ය.

අන්තර්ජාල පහසුකම් මෙසේ බිඳවැටීම විනාශය සිදුවූ ස්ථානය වෙත ආධාර සැපයීමට ද බාධා කරමින් තිබේ.

මේ අතර එක්සත් රාජධානිය පදනම් කරගෙන ක්‍රියාත්මකවන Save the Children ආයතනය පවසන්නේ ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රහාරවලින් අවම වශයෙන් දරුවන් තිදෙනෙක් පමණ ද ජීවිතක්ෂයට පත් වූ බවයි. මිසයිල ප්‍රහාරයට ලක් වූ හූදිදා නගරයේ පාපන්දු සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙක් මෙසේ මිය ගොස් ඇත.

යේමනය මුහුණ දී තිබෙන මානුෂීය අර්බුදය, මෙම සෞදි – යේමන විරසකය නිසා මෑත භාගයේ වඩාත් උත්සන්න වී තිබේ.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...