*
Monday, September 23, 2024
spot_img

Latest Posts

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 ක්

මෙවර ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඉන් වැඩිම වටිනාකමක් සහිතව වෙන්දේසිය එක්ව තිබෙන්නේ වනිඳු හසරංගයි. ඔහු ඉන්දීය රුපියල් කෝටියක වටිනාකමක් සහිත කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වේ.

පෙබරවාරි 12,13 යන දිනවල බැංගලෝර්හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයන් ප්‍රමාණය 1214 කි. ඉන් 896 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයන් වේ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 59 ක්, දකුණු අප්‍රිකානුවන් 48 ක්, එංගලන්ත ක්‍රීඩකයන් 30, ඇෆ්ගන් ක්‍රීඩකයන් 20 ක්, අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල ක්‍රීඩකයන් 41 ක් මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබේ. ඉන්දියානු රුපියල් කෝටි 02 ක වටිනාකමක් සඳහා ක්‍රීඩකයන් 49 දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

මෙවර පූර්ණ ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ 2018 වසරින් පසුවයි.

ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්වය යළිත් උත්සන්න වීම හේතුවෙන් මෙවර තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබෙනවා. එසේම මුම්බායි ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් තරගාවලිය පැවැත්වීම කෙරෙහිද IPL බළධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර අහමදාබාද් ක්‍රීඩාංගනය අවසන් වටයේ තරග සඳහා භාවිතා කිරීමටද ඉඩ තිබෙනවා.

යම් හෙයකින් කොවිඩ් හේතුවෙන් ඉන්දියාව තුළ තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෝ දකුණු අප්‍රිකාවේදී හෝ තරගාවලිය පැවැත්වීම කෙරෙහිද අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව අවසන් තීරණය පෙබරවාරි 20 වැනිදා දක්වා කල්තබා තිබෙනවා.

IPL බළධාරීන් දැනට සැළසුම් කර තිබෙන්නේ මාර්තු 27 වැනිදා තරගාවලිය ආරම්භ කිරීමටයි. පළමුවරට කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් ආරම්භ වන 2022 IPL තරගාවලිය මැයි අග දක්වා පැවැත්වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan