සීආර් අපරාජිතබව මහනුවරට එරෙහිවත් රැක ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 22 කොළඹ (LNW): වසර 14 ට පසුව ජාතික රග්බි ලීග් සූරතාවලියේ හිමිකාරීත්වය මහනුවර ක්‍රීඩා සමාජයට අහිමි කළ හැකි අන්දමේ පරාජයක් උදා කර දෙන්නට සීආර් ඇන්ඩ් එෆ්සි ක්‍රීඩා සමාජය සමත් වුණා.ලකුණු 38 0 26 ක් ලෙස මහනුවර ක්‍රිඩා සමාජය පරාජය කරමින් සීආර් ක්‍රීඩකයින් මේ විප්ලවය සිඳු කළේ මහනුවර ක්‍රීඩා සමාජයේ නිත්තවෙල පිටියේදීම වීමත් අපූරු දෙයක් වුණා.තරගයේ මුල් අර්ධය මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව දැඩි ප්‍රහාරයකින් අත්පත් කර ගැනීම සීආර් ජයග්‍රහණයේ පදනම වුණා.ලකුණු 26 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටි සීආර් කණ්ඩායම හඹා ඒසට දෙවන අර්ධයේදී විහාල උත්සාහයක් ගත්තද මහනුවර කණ්ඩායමට හැකි වුණේ එම අර්ධයේ දී ලකුණු 18 – 12 ක් ලෙස පෙරමුණ ගැනීමට පමණයි.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් හතරක් වාර්තා වුණු අතර ඉන් තුනක්ම ප්‍රවර්ථනය කිරීමට තරින්ද රත්වත්ත සමත් වුණා.ඉට අමතරව තරින්ද විසින් උත්සාහක දිණුමක් ද වාර්තා කළ අතර ඩිනාල් ඒකනායක,නයිජල් රත්වත්ත සහ තරිඳු චතුරංග ද මහනුවර කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ උත්මාසහක දිණුම්වල හිමිකරුවෝ වූහ.සීආර් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහක දිණුම් හයක් වාර්තා විය.ඉන් දෙකක්ම වාර්තා කරන්නට සමත් වුනේ අදීශ වීරතුංග ය.සෙසු උත්සාහක දිණුම්වල හිමිකරුවන් වූයේ ගැමුණු චේතිය,කවිඳු ද කොස්තා,කුෂාන් තරිඳු සහ මනිල්ක සුලක්ෂණ රුබේරු යි.මේ උත්සාහක දිනුම් හයෙන් මතරකම ප්‍රවර්ථන සාර්ථක කර දිමට තේනුක නානායක්කාර සමත් වුණා.

මෙවර තරගාවලියේ මුල සිටම සීආර් කණ්ඩායම මෙවර මහනුවර කණ්ඩායමට විශාල අභියෝගයක් වනු ඇති බවට ඉඟි පළ කළ අතර ඔවුන් සහ මහනුවර කණ්ඩායම නිත්තවෙලදී හමුවන විට කාගේ හෝ අපරාජිත වාර්තාව බිඳ වැටීමට නියමිතව තිබුණා.ඒ කණ්ඩායම් දෙකම අපරාජිතව සිටි නිසයි.තරගාවලියේ දී මහනුවරට පමණක් දෙවැනි වෙමින් අවසන් කිරිමේ බලාපොරොත්තුවක් මෙවර නැති බව තහවුරු කළ සීආර් ක්‍රීඩකයෝ ලොන්ඩන් පෙදෙසට කළකට පසුව ලාංකේය රගර් පිටියේ අමතක නොවන විජයග්‍රහණයක් ගෙන එන බවට ඉඟී දෙමින් තරගයේ ආරම්භයේ සිටම සිදු කළ ආක්‍රමණය මෙවර අපරාජිත එකම කණ්ඩායම සීආර් බවට සහතික කරමින් තරගයේ ජයග්‍රහණය අත් කර ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...