සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 22 කොළඹ (LNW): අද (22) දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව රැස්වීමට නියමිතය.
ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන් අතර එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
තවද, මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇති අතර
අනතුරුව සති 03ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්රසිද්ධ කිරීමට නියමිත අතර සියලු යෝජනා එක්කර නව යෝජනාවලිය ලංකා විදුලි බලමණ්ඩලයට ලබාදීමට නියමිත බව වාර්තා වේ.