හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 22) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, 2014 වසරේදී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 6,146,110 ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදල් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව මත ය.

මෙය පොදු දේපළ පනත යටතට වැටෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අද (ජනවාරි 23) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ මාසය අග වනවිට පහුගිය ආණ්ඩුවල ප්‍රබලයින් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගැනෙනු ඇති බව LNW අපි මීට දින ගණනාවකට පෙරදීම අනාවරණය කළෙමු.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...