වකුගඩු සොරකමකින් පසු මිය ගිය දරුවාගේ මරණ පරීක්ෂණ වාර්තා කෝ? යුක්තිය ඉල්ලා අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTOS)

Date:

කොළඹ LNW:මීට වසර එකහමාරකට පමණ පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මිය ගිය වයස අවුරුදු 3ක දරුවාගේ මරණයට අදාළව මෙතෙක් සාධාරණයක් ඉටුනොවීමට විරෝධය දක්වා අද (23) එම දෙමව්පියන් ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

නවීන් විජේකෝන් නමැති වෛද්‍යවරයා විසින් එම සැත්කම සිදුකර ඇති අතර දරුවාගේ වකුගඩු සොරකමක් සිදුව ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

එම වෛද්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙම විරෝධතාවේදී රජයට බලකෙරුණි.

විශේෂයෙන් එම මරණය සම්බන්ධ වාර්තාව පවා නොමැති තත්ත්වයක් මතුව තිබෙන බවත් අදාළ වෛද්‍යවරයාද රටින් පලා ගොස් ඇති බවටත් එම දෙමව්පියෝ චෝදනා කර සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වන අතර මෙතෙක් කාලයක් අදාළ වෛද්‍යවරයා සාක්ෂි දී ඇත්තේද වීඩියෝ තාක්ෂණය මඟිනි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකර සිද්ධියට අදාළව යුක්තිය ඉටුකර දෙන ලෙසයි විරෝධතාවට එක්ව සිටි මියගිය දරුවාගේ දෙමව්පියන් ඇතුළු පිරිස ඉල්ලා සිටියේ.

මෙම අවස්ථාවේදී අදාළ දෙමව්පියන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් වෙත සිද්ධියට අදාළ සංදේශයක් ද භාර දෙන ලදී. එහිදී අමාත්‍යාංශය ලෙස මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදුකරන බවත් මින් ඉදිරියට එවැනි තත්ත්වයන් ඇති නොවන බවටත් සහතිකයක් ලබා දී ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...