හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහි නඩුවක් කල් යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුවක් ගොනු කර තිබුණු අතර, එම ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. 

අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ආර් .එස්.එස් සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණි. 

එම මූලික විරෝධතාවලට අදාළව අල්ලස් කොමිසම විසින් අද පිළිතුරු ලිඛිතව ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව මේ පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...