සිරකරුවෙකු මියයාමේ සිද්ධියට සැක තිදෙනෙකුගේ වැඩ තහනම්

ඇඹිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර තිබෙන්නේ එළිමහන් සිර කඳවුරේ සේවය කළ ජේලර්වරයෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයකු මෙම සිදුවීමෙන් මියගිය අතර මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිළධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්ද පත්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

කොළඹ LNW:වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා...

සජිත් : විසි එක්වන සියවසට අවශ්‍ය ලාංකික දේශපාලඥයෙක් ලෙස ….

මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත්...

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...