උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ද ප්‍රදේශීය වාර්තාකරුවන් සඳහන් කරයි.

හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්තැඩන් වත්ත ප්‍රදේශයෙන් අද  (23)  පස්වරු 3 ට පමණ හටගෙන ඇති මෙම ගින්න උඩරට දුම්රිය මාර්ගයේ 106 ½  සැතපුම් කණුව අසලටම පැතිර ගොස් තිබුණු බව වාර්තා වේ.

හැටන් පොලිසිය සැකකරන්නේ, ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවටයි .

හැටන් පොලිස් කොට්ඨාශභාර  පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...