අගමැති හරිනි ඇතුළු පිරිසකට එරෙහිව මහින්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක නිලධාරීන් සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව තමන්ගේ ආරක්ෂක නිලධාරීන් සංචිතයෙන් 60 දෙනෙකු පමණක් ඉතිරිකර අන් සියල්ලන්ම ඉවත් කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර ඇති බවත් මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු තමන්ගේ ආරක්ෂාව සඳහා යොදවා නොමැති අතර පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාවට සපයා තිබෙන බවත් ය.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් තමන් ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ පා සිටි අයකු බවත් තම ජීවිතයට ද තර්ජන එල්ල වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙම පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කැබිනට් මණ්ඩලයේ පිරිසක් මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...