රටම අඳුරේ – දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

දෛනිකව පැය 02 – 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. උපකල්පන 04 ක් මත පදනම්ව මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ.

ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි 04 දක්වා අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් තවමත් අක්‍රියව පවතින අතර එහි විදුලි ජනනය ලබන 29 වැනිදා සිට සිදු කිරීමට හැකිවනු ඇති බවට විදුලිබල මණ්ඩල විස්වාසය පළ කරනවා. මේ අතර දැවිතෙල් හා ඩීසල් බලාගාරවල කටයුතුද විටින් විට අත්හිටුවීමට සිදුවන අතර ඊට හේතුව එම බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් තරම් සපයා ගැනීමට නොහැකි වීමයි.

දෛනිකව පැය 09 ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තිබෙන්නේ යම් හෙයකින් ඩීසල් සහ දැවිතෙල් බලාගාර අක්‍රියවීම හා ජල විදුලි බලාගාර අක්‍රියවීම එකවර සිදු වුවහොත් යන උපකල්පනය මතයි. මේ වනවිට විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම ඉතා සීමිත වී තිබෙනවා. මේ වනවිටත් ජලය භාවිතා කර උපදවන විදුලි ප්‍රමාණය සමස්ත විදුලි පද්ධතියෙන් 10% කටත් වඩා අඩු වී තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ විදුලිය අත්හිටුවන දින වකවානු සහ වේලාවන් සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති සිදු කරන ප්‍රකාශ සැළකිල්ලට නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ පූර්ණ අයිතිය මහජන උපයෝගීතා කොමිසම සතු බව පෙන්වා දෙන සභාපතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු නොකරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...