ජාතික යොවුන් වේදිකාව මතින් ‘පිරිසිදු හරිත නගර’ ගොඩනැඟීම

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක ‘ජාතික යොවුන් වේදිකාව’ වැඩසටහන යටතේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ‘පිරිසිදු හරිත නගර’ ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

රට තුළ ඇති තරුණ ජවය විදහාපෑමට ගත් එක් කර්තව්‍යයක් ලෙස මෙය හැදින්විය හැක.

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තෝරාගත් එක් නගරයක් පිරිසුදු කිරීම මේ වැඩසටහනේ මූලික අදියරේදී සිදු කෙරෙන අතර, එළඹෙන පෙබරවාරි 03 වන දින සිට 10 වන දින දක්වා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335 තුළ ම 50,000ක් වූ තරුණ පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් නගර පිරිසුදු කිරීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!