*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/25

  1. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඖෂධ, වී සහ රාජ්‍ය සේවක වැටුප් වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා භාවිත කිරීම සඳහා එහි මෙහෙයුම් අතිරික්තයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබා දෙයි – ජනාධිපති ලේකම් කාර්යාලයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එම මූල්‍යමය චෙක්පත පිළිගැන්වීය.
  2. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රු.300,000 ක දඩයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී – තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකුට එරෙහිව පවතින නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට චෝදනා එල්ල විය.
  3. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ ‘තවමත් නිකුත් නොකළ’ ගැසට් පත්‍රය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගෙන් පැහැදිලි කිරීමක් – දිනයක් ප්‍රකාශ කිරීමේ වගකීම පැවරෙන්නේ තේරීම් භාර නිලධාරීන්ට මිස මැතිවරණ කොමිසමට නොවන බව පවසයි: දිනය අනුමත කිරීම පමණක් කොමිසම විසින් සිදුකරන බව පවසයි – ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පෙර මැතිවරණය පවත්වන දිනය, ආයතන සංඛ්‍යාව, සහ තරඟ කරන දේශපාලන පක්ෂ මොනවාද, අපේක්ෂකයන්ගේ නම් මොනවාද, මැතිවරණ කොට්ඨාශ මොනවාද යනාදිය ඇතුළත් ‘උපලේඛනයක්’ ඉදිරිපත් කළ යුතු බව පවසයි – සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වෙනිදා පැවැත්වෙන බව ප්‍රකාශ කරයි.
  4. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහට එරෙහිව තර්ජනය කිරීම් සහ සාපරාධී බලහත්කාරකම් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත සහ විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට! – ඔවුන් ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
  5. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන ව්‍යාපාරයක් දියත් කරයි – පළාත් පාලන ආයතන 252ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව තරඟ කරන අතර තවත් කිහිපයක් සඳහා වෙනත් පක්ෂ සමඟ සන්ධානගතව මේ වසරේ තරඟ කරන බව ද ප්‍රකාශ කරයි.
  6. දැනට පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය මධ්‍යයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදුලි කප්පාදුව බොහෝ පාර්ශවවලින් එල්ලවෙන විවේචන නොතකා දිගටම පවතී – දරුවන් කෙරෙහි රජය දක්වන අසංවේදිතාව ඔවුන්ගේ අනාගතය අනතුරේ හෙළන බවට දෙමාපියෝ සහ සමාජ ක්‍රියාකාරිකයෝ මැසිවිලි නඟති.
  7. යෙදවුම් හිඟය හේතුවෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන්ගේ පවතින අඛණ්ඩ අරගලය මධ්‍යයේ වැඩි මිලට බිත්තර අලෙවි කරමින් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද උපරිම සිල්ලර මිල උල්ලංඝනය කර බිත්තර අලෙවි කරන්නන්නට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියාත්මක වීමට නියමිතයි – නියම කර ඇති උපරිම සිල්ලර මිල ට අවනත නොවී නීතිය උල්ලංඝණය කරන වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි – බිත්තර මිලට අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ සුදු බිත්තරයක් රු. 44 ක සහ දුඹුරු බිත්තරයක් රු. 46 ක උපරිම සිල්ලර මිලකට විකිණිය හැකි බවයි.
  8. මහ බැංකු අධිපතිවරයා ජනතාව නොමැඟ යැවූ බවට චෝදනා: වෙළඳ භාණ්ඩ අපනයනකරුවන්ට, විදේශ විනිමය දේශීය මුදල්වලට පරිවර්තනය කිරීමකින් තොරව දිවයිනට එවිය හැකි බවට මහ බැංකු අධිපතිවරයා විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මස සිදුකළ ප්‍රකාශයෙන් මුදල් සම්බන්ධ නීති සාවද්‍ය ලෙස අර්තකථනය කර ඇති බව වෘත්තීය සමිති සහ වෘත්තිකයෝ චෝදනා කරති; මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය, අපනයනකරුවන් විදෙස් මුදල් පිටරට තබා ගන්නා බවට ඔහු විසින්ම නැවත නැවත එල්ල කළ චෝදනාවට පරස්පර විරෝධී බව පෙන්වා දෙති; අපනයන අංශයේ වැටුප් කපා හැරීම, පොදුවේ අපනයනකරුවන්ට නීතිවිරෝධී ලෙස විදේශ රටවල ආදායම් රඳවා ගැනීමට මඟ පාදන මූලිකම සාධකය බව ද අවධාරණය කරති; අනීතික අන්දමින් රඳවා තබා ගත් මුදල් දිවයිනට ගෙන්වන ලෙසත්, එකී සිදුවීම්වලට වගකිව යුතු පාර්ශවවලට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිති – ‘දේශීය මුදල්වලට පරිවර්තනය කිරීමකින් තොරව ආදායම් ආපසු ගෙන්වා ගැනීමට නීතියෙන් අවසර ලබා දී ඇත්තේ සේවා අංශයේ අපනයනකරුවන්ට පමණක්’ බව 2021.10.28 දිනැති අංක 2251/42 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන්ව ඇත.
  9. චීනයේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක ණය සහන කාලයක් ලබා දී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි – මෙමඟින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇ.ඩො. බිලියන 2.9 ක ණය පහසුකම ලබා ගැනීමට පහසු වනු ඇති බව ද එම බැංකුව පවසා ඇති බව සඳහන් – කලාපයේ සිටින එකිනෙකට ප්‍රතිවාදී චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ණයහිමියන් දෙදෙනා වන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට එම රටවල් දෙක තීරණාත්මක සාධකය වී ඇති බවට පැවසේ.
  1. ශ්‍රී ලංකාවේ ජනප්‍රියා ජාත්‍යන්තර ක්‍රීඩාවලට දේශපාලන අතපෙවීම් සිදුවීම මත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට තහනමක් වැටුනු බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පවසයි – ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමින් එල්ලවුනු කෙණහිලිකම් වළක්වා ගැනීමට තමා බොහෝ උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බව පවසයි – ක්‍රීඩා පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති පාර්ශව නිසා ශ්‍රී ලංකා කණ්ඩායම් ජාත්‍යන්තර අප්‍රසාදයට ලක්ව ඇති බව ද චෝදනා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan