රාජ්‍ය හා පෞද්ගලික ආයතන සතු ජෙනරේටර් ජාතික විදුලි පද්ධතියට – මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් යෝජනා රැසක්

Date:

මෙගාවොට් 3000 කට අධික ධාරිතාවයකින් යුක්ත විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සතුව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ෂංග්‍රි-ලා හෝටලය වැනි ඇතැම් ස්ථානවල මෙගාවොට් 20 ක ධාරිතාවයෙන් යුක්ත විදුලි ජනන යන්ත්‍ර තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

විදුලි කප්පාදුවකදී භාවිතයට ගන්නා මෙම විදුලි ජනන යන්ත්‍ර සෙසු අවස්ථාවලදී නිකරුනේ තිබෙන බැවින් ඒවා භාවිතා කර ජාතික පද්ධතියට එකතු කිරීමේ හැකියාවක් පවතී.

දහවල් කාලයේදී එම ජනන යන්ත්‍ර හරහා විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා යෝජනාවක් අදාල රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඉදිරිපත් කර ඇති බවයි සභාපතිවරයා පවසන්නේ. එම යෝජනාව සඳහා බොහෝ ආයතන මේ වනවිටත් කැමැත්ත පළකර ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති ඩිජිටල් ප්‍රචාරක පුවරු ක්‍රියා විරහිත කිරීම සහ සැළකිය යුතු කාලයක් වීදි ලාම්පු නිවා දැමීම කෙරෙහිද අවධානය යොමුව තිබේ. මේ වනවිටත් ඊට අදාල නිර්දේශ සකස් කරමින් සිටින බවත් ජනක රත්නායක මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...