ඝාතනය කෙරුණු දෙමළ මාධ්‍යවේදී සුගිර්තරාජන් අනුස්මරණය කරයි! (PHOTOS)

මීට වසර 16 කට පෙර ජනවාරි (24) වැනි දින ත්‍රිකුණාමලයේදි ඝාතනය කළ සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු වන සුගිර්තරාජන් සිහි කරමින් මඩකලපුව නගරයේදි සැමරුමක් ඊයේ පැවැත්විණි.

එම අනුස්මරණය මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසින් සංවිධානය කර තිබුණි.

ට්‍රින්කෝ 5 නමින් ලෝකයේ ප්‍රසිද්ධියට පත්වු තරුණ සිසුන් පිරිසක් ඝාතනය කිරිමේ සිදුවීමේ ඇත්ත ලෝකයාට සිය කැමරාව තුළින් හෙළිකල සුගීර්තරාජන්ට ඒ ඇත්ත හෙළිකිරිම වෙනුවෙන් සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවිය.

මේ අතර ඝාතනයෙන්,අතුරුදහන් කිරිමේ වලින් මාධ්‍යවේදීන් භිතියට පත්කරමින් සත්‍ය⁣ හෙළිකිරිම් වලට බාධා කල පාලකයන් දැන් පොලිසිය සහ නීතිය යොදා ගනිමින් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මර්දනය කිරිමට පටන්ගෙන තිබෙන බව මඩකලපුව මාධ්‍ය සමාජය පෙන්වාදෙයි.

යුද්ධයෙන් පීඩාවට පත්ව වැලපෙන මව්වරුන් පිරිසකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ අන් අය සමගින් බෙදාගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කෝහිලදාසන් මේ වන වසරකටත් වඩා කාලයක් සිරගත කොට ඇති අතර මේ අකාරයෙන්ම නැගෙනහිර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් රැසක් මේ වන විටත් මාස ගණනාවක් සිරගතකර ඇති බව සඳහන්.

නැගෙනහිර පලාතේ පමණක් 100කට ආසන්න පිරිසක් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රසාමානික්කම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි කියා තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පළාත් පාලන නියෝජිතයන් ආගමික නායකයන්, ව්‍යාපාරික ප්‍රජාවද ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

දකුණේ මාධ්‍ය ක්‍රියාකාරින් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද ඊට සහභාගී විය.

සියලුම ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...