Saturday, June 3, 2023
spot_img

Latest Posts

අපි අයිස්ලන්තේ අය නෙවෙයිනේ. වායුසමීකරණ 26 තියාගන්න – ඩලස් (VIDEO)

පවතින විදුලි අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස මැති ඇමතිවරු මේ මොහොතේ විශාල කැපකිරීමක් කළ යුතුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

ඒ, අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් දක්වමිනි.

වැඩි ඉල්ලුමක් පවතින පස්වරුවේ පැය පහක පමණ කාලය තුළ වොට් 25ක එක බල්බයක් නිවා දැමීමට හැකි නම් එම කාලය තුළ මෙගාවොට් 140ක් ආරක්ෂා කරගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඇතැම් කාර්යාලවලද වායුසමීකරණ අනවශ්‍ය ලෙස දමා තිබෙන අතර විදුලි විශේෂඥයින් පවසන පරිදි එය සෙල්සියස් අංශක 26 තබා ගැනීම සිදුකරන ලෙස ද අලහප්පෙරුම මහතා කියාසිටියේය.

මේ මොහොතේ වැඩිම කැපකිරීමක් කර එම ආදර්ශය ප්‍රතිපත්ති සම්පාදකයින් වශයෙන් රජයේ මැති ඇමතිවරු ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.