ඇමති චන්ද්‍රසේන වානේ සංස්ථා ඉඩම නොමිලේම දෙන්න ගියේ නන්දන ලොකුවිතානට !

කඩුවෙල ප්‍රදේශය ආසන්නයේ පිහිටි, රජය සතු අක්කර 185ක ඉඩමක්, ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් කිසිදු මුදලක් අයකිරීමකින් තොරවම ව්‍යාපාරිකයකුට පවරා දීමට උත්සාහ කිරීම පිළිබඳ පුවතක් පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්ව තිබිණි.

පසුගිය සතියේ මෙන්ම මේ සතියේදීත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව ඇති අතර අමාත්‍යවරුන් පිරිසකගේ දැඩි විරෝධය නිසා ඇමති චන්ද්‍රසේනට එම කැබිනට් පත්‍රිකාව හකුළා ගැනීමට සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මෙම ගනුදෙනුවට අදාළ ව්‍යාපාරිකයා කවුරුන්දැයි මාධ්‍ය වාර්තා කර තිබුණේ නැත.

මෙසේ ඉඩම් අමාත්‍යවරයා මෙම වටිනා ඉඩම නිදහස් දීමනා බලපත්‍රයකින් ලබාදීමට උත්සාහ කර ඇත්තේ මෙරට ප්‍රකට සුපිරි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන නන්දන ලොකුවිතාන මහතාට බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඩුබායි හි මැරියට් හෝටලයේ ද හිමිකරු වන නන්දන ලොකුවිතාන මහතා මෙරට ඉදිකිරීම්, වානේ කර්මාන්ත වැනි ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කර ඇති අතර මෑතකදී ඔහු කළුතර ප්‍රදේශයේ සුවිසල් ටයර් කර්මාන්ත ශාලාවක් ද ස්ථාපිත කළේය.

නන්දන ලොකුවිතාන මහතාට ඉහත සඳහන් ඉඩම ලබාදෙන ලෙස එස්. එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබාදී ඇත්තේ රජයේ තවත් ප්‍රබලයෙකු විසින් බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යේමනයේ ජනාධිපති මන්දිර සංකීර්ණයට මිසයිල ප්‍රහාරයක් – පස්දෙනෙකු මරුට, 16කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : යේමනයේ...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලය...

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ අනතුරු ඇඟවීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

අද නවෝත්පාදනය – හෙට පෝෂණය: ලෝක ආහාර දිනයේදී මතු වන ප්‍රධාන අභියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ලොව පුරා මිලියන...