ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉටුවන තුරුම මේ අරගලය දිගටම කරගෙන යනවා – සන්ධ්‍යා එක්නැලිගොඩ (VIDEO)

Date:

අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුවන තුරුම තම අරගලය නොනවත්වා ඉදිරියට ගෙනයන බව ඒ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

“මගේ සැමියාව බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා, අතුරුදන් කරලා මේ වනවිට අවුරුදු 12ක් ගිහින් තියෙනවා. අද දවසේ මේ රට බියෙන් සලිතව ඉන්න වෙලාවේ, මේ රෝගවලින් බියවැදී ඉන්න වෙලාවෙ, ජනතාව සාගින්නෙන් පීඩිතව ඉන්න වෙලාවෙ, මම කාලි මෑණියන් හමුවට ආවෙ මගේ හිස මුඩු කළේ මගේ සැමියා වෙනුවෙන්.

මේ රටේ ස්වභාව ධර්මයේ රීතියක් තිබෙනවා. ඒ රීතියට, ඒ ස්වභාව ධර්මයට යටත් මේ රටේ ඉන්න සියලුම පුරවැසියො. මේ විශ්වයේ ඉන්න සියලුම සතුන් ඒ ස්වභාව ධර්මයට යටත්. ඉතින් මම හිතනවා ඒ ස්වභාව ධර්මයේ ඉන්න විශ්වීය ගැහැණිය තමයි කාලිය. මොකද ඒ කාලියට පුළුවන් වෙනවා මේ රටේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. තමන්ගේ සැමියා වෙනුවෙන් අරගල කරපු ඒ විශ්වීය උතුම් කාන්තාව තමයි පත්තිනි මෑණියෝ කියන්නෙ. ඉතින් මම මගේ අරගලය ඒ විශ්වීය මාතාවන් පසුපස ගෙනියන්න තීරණය කළා. අද පටන් මම කාලි මෑණියන් නමින්, මගේ සැමියා වෙනුවෙන් මේ හිස මුඩු කර පේ වෙනවා. මට යුක්තිය ලැබෙන තෙක් මම මේ අරගලය මේ පොළවේ දිගටම කරගෙන යනවා”

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (25) මෝදර කාලි දේවාලයේදී හිස මුඩු කර, විරදම් පූජාව පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...