*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කයිවාරු කෝටියක් විතරයි : ගම්මන්පිලගේ බාලගිරි ඩොලර් මිලියන 3600 එන්නේම නැති ලු !

ඕමාන් රාජ්‍යයෙන් ඉන්ධන මිලදී ගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 3600 ක ණයක් ලබාගැනීමට සූදානම් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළත් මේ වනවිට එම යෝජනාව පවතින්නේ අක්‍රිය තත්වයේ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ පිළිබඳව ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසුවේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණු නමුත් ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරියට යද්දී එහි කොන්දේසි සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක් නිසා එම යෝජනාව අත්හැර දමා ඇති බවයි.


උදය ගම්මන්පිල මහතා බලශක්ති කැබිනට් අමාත්‍ය ධුරයට පත්වූ දින සිටම කළේ නොයේකුත් සිහින ව්‍යාපෘති පිළිබඳව කයිවාරු ගැසීම පමණකි. කටින් නම් වැඩ කෝටියක් පමණ කළ නමුත් ක්‍රියාවෙන් කිසිවක්ම නොකිරීම තුළ අද වනවිට ඔහු ඉතිහාසයේ අසාර්ථකම බලශක්ති අමාත්‍යවරයා බවට පත්ව ඇති අතර ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ බලශක්ති අර්බුදයක මුවවිට දක්වාම රටත් තල්ලු කර තිබේ.

ගම්මන්පිල මහතා මුලින්ම කීවේ මන්නාරම් ද්‍රෝණියෙන් ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් නිෂ්පාදනය ඉතාම ඉක්මනින් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකාව තෙල් අපනයනය කරන රටක් බවට පත්කරන බවත්ය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේ පටන්ම කියැවුණු එහෙත් යතාර්ථයක් නොවුණු මේ මන්නාරමේ ඛනිජ තෙල් සිහිනයෙහි පීනමින් ඔහු මාස ගණනාවක්ම ගත කළ අතර රටේ සමස්ත ණය ප්‍රමාණයම ගෙවා දමා තවත් දශක කිහිපයකටම ප්‍රමාණවත් පරිදි ඉන්ධන රටට සපයන බවට සුරංගනා කතා ද පැවසුවේ ය.

එහෙත් සිදුවුණේ විදේශික සමාගමක් පැමිණ, අධි තාක්ෂණික ගුවන් යානයක් මගින් මෙරට භූගත ඛනිජ සම්පත් පිළිබඳ දත්ත රැස්කර, සිතියම්ගත කර එම තොරතුරුත් තම රටට රැගෙන යාම පමණි. අවම වශයෙන් එම දත්ත ශ්‍රී ලංකාවට අයිති වුණේවත් නැත.

ඉන් අනතුරුව ගම්මන්පිල මහතා නිලධාරීන් පිරිසකුත් පිරිවරාගෙන මැදපෙරදිග කලාපයේ රටවල්වල අති සුඛෝපභෝගී සුපිරි සංචාරයක නිරත විය. ඔය කී ඩොලර් බිලියන 3.6 ක කතාව කීවේ එම සංචාරය අතරේ ය.

මෙම ඩොලර් බිලියන 3.6ක ණය මුදල පසුගිය ඔක්තෝබර් මාසයේදී ලබාගන්නා බවක් ඔහු මුලින්ම කී අතර පසුව විමසීමේදී ඔහු පිළිතුරු දුන්නේ එය නොවැම්බර් මාසයේදී ලැබෙන බවක් කියමිනි. නොවැම්බර් මාසයේදී රජයේ ප්‍රධානීන් මේ ගැන විමසද්දී එය දෙසැම්බර් 31 වනදාට පෙර ලබාගත හැකි බවට ඔහු පොරොන්දු වී තිබිණි. දැන් ජනවාරි මාසයේ අගභාගයටත් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 සිටම ඔහු හැසිරුණේ ඩොලර් බිලියන 3.6ක කතාවක් තමන් කී බවක් හෝ තමන්ටත් මතක නැති ගාණට ය.

මේ ඩොලර් බිලියන 3.6 කතාව රටට අමතක කරවීම සඳහා පසුගිය දිනවල ඔහු කළේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය ඉන්දියාවත් සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාව වෙත ලබාගන්නා බවට සංදර්ශනයක් පැවැත්වීමය. අවසානයේ දැනට ඉන්දියාව භාවිතා කරන තෙල් ටැංකි 14හි අයිතිය තවත් වසර 50ක කාලයක් සඳහා ඔවුන්ටම පවරා දුන් අතර ගම්මන්පිල පාරම්බාමින් සිටියේ ටැංකි 85ක අයිතිය ශ්‍රී ලංකාවට හිමිවූ බවට ය. ඉන්දියා – ශ්‍රී ලංකා හවුල් සමාගමකට තෙල් ටැංකි ප්‍රමාණයක අයිතිය හිමිවීම ඔහු අර්ථදක්වා පෙන්වූයේ එලෙසිනි. කෙසේවෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා තෙල් මිලදී ගැනීමටත් නොහැකිව තෙල් පිරිපහදුවත් වසා දැමෙන තැනටම වැඩ කළ පසුබිමක ඔය කී තෙල් ටැංකි 85ත් ලැබුණා නම් ඒවා පුරවන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වන තමන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන නරිවාදම් වලින්දැයි ගම්මන්පිල මහතා හරියටම කීවේ නැත.

උදය ගම්මන්පිල යනු විපක්ෂයකට නම් හොඳ සම්පතකි. ඔහුට ඕනෑම බොරුවක් වුවත් ජනතාවට ඒත්තු යන මට්ටමෙන් රසකර කීමේ විශේෂ හැකියාවක් ඇත. එහෙත් ආණ්ඩුවකට එක්වූ කල ඔහු බරවා කකුලක් බව දැන් ඔහුම ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. එහෙයින් කළගුණ සැලකීමේ ඇමතිකම් ලබාදී ඒවායින් ඇමතිවරුන් අසාර්ථක වූ කල ඒ ඇමතිවරුන් සමඟම අසාර්ථකත්වයේ අගාධයෙහි ගිලී යනවාද, නැතිනම් දැන්වත් විකල්පයක් තෝරාගන්නවාද යන්න ආණ්ඩුවේ බලධාරීන් තීරණය කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan