*
Friday, March 29, 2024
spot_img

Latest Posts

තාත්තා විජමු, පුතා හිජමු. ලොකුම ලොකුබණ්ඩාර මිලියන 2ක් ඊයේ රිටර්න් කරලා …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වූ උදිත් ලොකුබණ්ඩාර විසින් අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමකින් මුදල් සොරකම් කිරීමේ කතාව මේ වනවිට මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

අපේ ආරංචිමාර්ග සඳහන් කළ ආකාරයට වැඩි විස්තර සහ නවතම තත්වය මෙසේය.


සිද්ධියට අදාළ බැංකු ගිණුම මහින්ද රාජපක්ෂ මහතා විසින් 1989 වසරේදී ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවේ විවෘත කරන ලද්දකි. ඒ මහතා දෙවැනි වරට පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් පසු සෑම මාසයකම වැටුප ලැබී ඇත්තේ එම ගිණුමට ය. 1994 වසර දක්වා එම ගිණුමට ලැබුණු මුදල් මහින්ද රාජපක්ෂ මහතා විසින් බැංකුවෙන් ලබාගෙන තිබුණු අතර 1994දී ආණ්ඩු බලය ලැබීමෙන් පසු එම වැටුප ගිණුමෙහිම ඉතිරි කිරීමට කටයුතු කර තිබිණි. ( මෙය අමුතු දෙයක් නොවන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් කවුරුන්වත් පාර්ලිමේන්තුවෙන් ලැබෙන මාසික වැටුපෙන් ජීවත්වන අය නොවන නිසාය.) මුල් කාලයේදී ඊට ලැබුණේ වැටුප පමණක් නිසා විශාල මුදලක් එහි එකතු වී තිබී ද නොමැත.

කෙසේවෙතත් 2015 වසරෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති වශයෙන් විශ්‍රාම වැටුප, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වැටුප සහ ඉන්ධන, වෙනත් කාර්ය මණ්ඩල දීමනා ඇතුළු සියලුම දීමනා ද සමග මාසිකව රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් එම ගිණුමට බැරවී ඇති බව සඳහන්.

පසුගියදාක වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතාට එක්වරම මෙම ගිණුම පිළිබඳව මතක් වී තිබේ. ඒ අනුව, ඒ මහතා තම සියලුම පෞද්ගලික කටයුතු භාරව සිටින, අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතාට ප්‍රකාශ කර ඇත්තේ මෙම ගිණුම පිළිබඳව බැංකුවෙන් විමසා බලන ලෙසයි. ලේකම්වරයා බැංකුවට දුරකථනයෙන් කළ විමසීමේදී බැංකුව දැනුම් දී ඇත්තේ එම ගිණුමෙහි රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ඇති බවකි. ලේකම්වරයා මේ බව අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී ඇති අතර අග්‍රාමාත්‍යවරයා කලබල වී ප්‍රශ්න කර ඇත්තේ මාසිකව එපමණ මුදලක් ලැබෙන ගිණුමක ලක්ෂ 8ක් පමණක් තිබෙන්නේ කෙසේද කියාය.

මේ මොහොත වනවිටත් මෙම ගිණුමෙහි ATM කාඩ්පත සහ ක්‍රෙඩිට් කාඩ්පත උදිත් ලොකුබණ්ඩාර ළඟ තිබෙන්නේ යැයි කිසිවෙකුටත් මතකයක් තිබී නැත. ඒ අනුව මේ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි කල්පනා කරමින් සිටියදී නැවත වරක් බැංකුවෙන් කළ විමසීමකින් හෙළිවී ඇත්තේ මේ මුදල් ලබාගෙන ඇත්තේ ATM කාඩ්පත සහ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරමින් බවකි. මේ බව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්විට ඒ මහතා ගත් කටටම විමසා ඇත්තේ “ATM ? මොකක්ද ATM ?” යනුවෙනි.

මීළඟට අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ද සම්බන්ධ වී මේ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයාගෙන සොයාගෙන යනවිට අවසානයේ මෙම බැංකු කාඩ්පත් තිබී ඇත්තේ උදිත් ලොකුබණ්ඩාර ළඟ බව අනාවරණය වී ඇත. ඒ අනුව උදිත්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ “නෑ, සර්. මේ ඔඩිටර් කිව්වා සර් එහෙම ලොකු ගාණක් මේ වගේ එකවුන්ට්වල තියාගන්න එපා කියලා. ඒකයි ගත්තේ. සර් බයවෙන්න එපා. සේරම සල්ලි මං ගාව තියෙනවා” කියාය. එසේ නම් ඒ මුදල් රැගෙන එන ලෙස ඔහුට දැනුම් දුන් පසුව දින 4ක් පමණ කාලයක් තිස්සේ උදිත් ලොකුබණ්ඩාර සොයාගැනීමටත් නැතිවන තැනට මඟහැර තිබේ.

අවසානයේ ඔහු ඊයේ දිනයේ අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණ රුපියල් මිලියන දෙකක මුදලක් ආපසු ලබාදී ඇති අතර ඉතිරි සියලුම මුදල් ද ඉක්මනින්ම රැගෙන එන බවට පොරොන්දු වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


උදිත් ලොකුබණ්ඩාරගේ පියා වි.ජ.මු. ලොකුබණ්ඩාර ය. ඒ දිනවල ජනතාව කීවේ වි.ජ.මු. යන්නෙන් කියැවෙන්නේ “විජ්ජාවෙන් ජනතාව මුලාකරන” කියාය. ඒ අනුව බැලූ කල උදිත් ලොකුබණ්ඩාරට හි.ජ.මු. කිව හැකිය. ඒ “හිටපු ජනපතිව මුලා කළ” යන තේරුමෙනි.

කෙසේවෙතත් මේ සිද්ධිය අනුව උදිත් යනු නිකම්ම නිකම් ලොකුබණ්ඩාර කෙනෙක් නම් නොවේ. ඔහු ලොකුම ලොකුබණ්ඩාර කෙනෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan