*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

චමරි තරම් නොනඟින ලංකාවේ කාන්තා ක්‍රිකට්

පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් සපුරාගන්නට මැලේසියාවේදි පැවති තරගාවලියේදි ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණේය.තරගාවලිය පහසුවෙන් ජය ගත්තේය.නමුත් පන්දු රැකීම තව දුරටත් ඉහළ දමාගත යුතු බව නායිකා චමරි අතපත්තුගේ අදහසය.

මේ තරගාවලියේදි ඇය දැක් වූ දස්කම් අති විශිෂ්ඨය.ඒ නිසා තරගාවලිය නිමාවේ චමරි ලොව හොඳම පිතිකරු ලැයිස්තුවේ 20/20 නාම ලේඛණයේ අටවන තැන දක්වා ඉහළ පැමිණීයාය.එසේම තුන් ඉරියව් ලැයිස්තුවේ ඇය සිටින්නේ හත්වන තැන දක්වා ඉහළට ඇවිත්ය.

නමුත් මෑත කාලයේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ලෙස කතා වන්නට ඉතුරුව ඇත්තේ චමරි ගැන පමණය.ශෂිකලා සිරිවර්ධන ද ලෝකයම හොල්ලාගෙන සිටි ක්‍රීඩිකාවක්ය.ඇයගේ සමුගැන්මෙන් පසු දැන් චමරි පමණක්ය.ඉඳ හිට දක්ෂතා දක්වන ක්‍රීඩිකාවෝ දැකිය හැකි වුවත් ඒවා අඛණ්ඩව දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ය.

රටක ක්‍රිකට් ජයග්‍රහණ ක්‍රීඩිකාවකට පවරා බලා සිටින්නට නොහැකිය.ඒ ගැන ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කළ යුතුය.ක්‍රීඩාවේදී දකුණු ආසියානු කළාපය තුළ සමාජමය නිදහස වැඩිපුරම තිබෙන කාන්තාව සිටින්නේ ලංකාවේය.එහෙත් ක්‍රීඩාවේ බලය සහ අවස්ථාව ලබා දීමේදී ඔවුන්ට පිරිමි කණ්ඩායම්වලට ලබෙන අවස්ථා හිමි නොවේ.

විශේෂයෙන් ලංකාවේ ක්‍රීඩිකාවන් සමාජමය වශයෙන් දකුණු ආසියාතික කලාපයේ අන් රටවලට වඩා ඉදිරිගාමීය.ඒ තත්ත්වය කාන්තා කණ්ඩායම් ක්‍රීඩාව ලෙස ලොව පතල නෙට්බෝල් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව දකුණු අසායාවේ පමණක් නොව ආසියාවේද ඉදිරියෙන්ම තබන්නට සමත් වි ඇත.එහෙත් ක්‍රිකට්, පාපන්දු,රගර් වැනි ක්‍රීඩාවන් හි ලාංකේය ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට මෙන් අවස්ථා සහ පහසුකම් මෙන්ම පිළිගැනීමක් හිමිවන්නේද නැත.
නමුත් කාන්තා ක්‍රීඩාවන්ගෙන් රටට ගබාගත හැකි ගෞරවය මේ අතපසුවීම් සහ නොසළකා හැරීම් නිසා නොලැබෙන බව ඇත්තය.දමරි වැනි ශෂිකලා වැනි ක්‍රීඩිකාවන් පොකුරක් එක විට කණ්ඩායම තුළ රඳවා ගන්නට හැකියාව සහ එක් අයෙකුගෙන් මඟ හැරුණොත් තවත් අය ඇති බවට විශ්වාසයක් ගොඩ නඟන්නට කටයුතු කළොත් මේ තත්ත්වය වෙනස් කළ හැකිය.

දැනට ඔවුන් වෙනුවෙන් පවතින තරග තරගකාරී මට්ටම වැඩි කරන ආකාරයට මෙහෙයවන්නට අවශ්‍යය කරන්නේය.ඒ ආසන්නයේ පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ප්‍රතිපල පෙන්වනු ඇත.දැනට ක්‍රීඩා කරන කණ්ඩායම්වල දක්ෂයක් එක් කර එම තරගාවලිය කණ්ඩායම් තුන හතරක් සමඟ හෝ පැවත්විය හැකිනම් එහි ප්‍රතිපල වඩාත් රටේ කාන්තා ක්‍රිකට්වලට වැදගත් වනු ඇත.

එසේම දැනට දෙවන පෙළ හෝ තෙවන පෙළ ලෙස හෝ ලෙදර් බෝල ක්‍රිකට් පවත්වාගෙන යන මිශ්‍ර පාසල්වල කාන්තා ලෙදර් බෝල ක්‍රිකට් ඇරඹිම අඩු වියදමකින් කළ හැකිය.එයද වඩා තරගකාරි සහ ඉහළ මට්ටමේ ක්‍රීඩිකාවන් නිර්මාණයට හේතු වෙනවා ඇත.වර්ථමානයේ ඊට උදාහරණ ලෙස රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ මෑත කාලින පිරිමි ක්‍රිකට් දියුණුවට සමානව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද ඉහළ ගොස් තිබීම සරල උදාහරණයක් පමණය.ජාතික කණ්ඩායම ඒ හරහා අලුතේ එක්වෙන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම දකින්ට ඇත.මේවා නිදසුන් ලෙස ගෙන රටට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගෙන ආ හැකි කීර්තියත් ජයග්‍රහණයත් පිළිබඳ සැළකිල්ල යොමු කිරීමට ක්‍රිකට් සහ ක්‍රීඩා බලධාරීන් අවධානය යොමු කිරීම වැදගත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan