බස්නාහිර පළාතේ ලාදුරු වැඩිවීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): බස්නාහිර පළාත ලංකාවේ කුඩාම පළාත වුවද ජනගහණයෙන් 30%ක්ම වාසය කරන්නේ එහි බවත්, එම ජනගහණ ඝනත්වය වැඩිවීම සහ දේශගුණික හේතූන් මත අනෙක් වසංගත රෝග මෙන්ම ලාදුරු රෝගීන් විශාල සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසා සිටී.

ජනවාරි 28ට යෙදෙන ලෝක ලාදුරු දිනයට සමගාමීව ලාදුරු තුරන් කිරීමට නව මංපෙත් නමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මේ බව පැවසුවේය.

ලංකාවේ ලාදුරු රෝගීන් 1550ක් වාර්තා වන විට එයින් 599ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද, එනම් ලාදුරු රෝගී තත්ත්වයෙන් 40%ක්ම බස්නාහිර පළාතේ ඇති බවද පැහැදිලි කළ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයේ 315ක්ද, ගම්පහෙන් රෝගීන් 168ක් සහ කලුතරින් 116ක් වශයෙන් ලාදුරු රෝගීන් වාර්තා වී ඇතැයි පැවසීය. ලංකාවෙන්ම වාර්තා වන ළමා ලාදුරු රෝගීන් 173න් 69 දෙනෙකුම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද මේ නිසා රෝගය වැළැක්වීමේදී බස්නාහිර පළාතේ රෝග තත්ත්වය ලාදුරු රෝග පාලනයට ඉතාම වැදගත් බවද සඳහන් කළේය.

ළමා ලාදුරු රෝගීන් වාර්තා වීම මේ වන විට දක්නට ලැබෙන බවද, නමුත් පාසල් වලදී ළමයින්ගෙන් ළමයින්ට වසංගතයක් ලෙස මෙය පැතිරීමක් සිදුනොවන බවද කියාසිටි වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය ළමයින්ට රෝගය වැළඳී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් වල ඔවුන් සමඟ වසර ගණනාවක් සමීපව ඇසුරු කරන දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් බවද අවධාරණය කළේය.

ළමා රෝගීන් වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ සමාජය තුළ වැඩිහිටි රෝගීන් සිටින බව යැයිද පෙන්වාදුන් වෛද්‍යවරිය වැඩිහිටි රෝගීන් හඳුනාගැනීම ළමා ලාදුරු රෝග සහ සම්ස්ථ ලාදුරු රෝගය ව්‍යාප්තිය පාලනයටත් ඉතාම වැදගත් බවද පැදිළි කළ අතර, නිසි කලදී එනම් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය වැළැක්වීමටත් ඇතිවන සංකූලතා අවම කරගැනීමටත් හැකිවන බවද පැවසීය.

මේ වන විට බස්නාහිර පළාතේ ලාදුරු වැළැක්වීමට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධීක්ෂණය යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බවද, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන කණ්ඩායම් පුහුණු කරන අතරම ගෙයින් ගෙට ගොස් ලාදුරු රෝගය හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද වෛද්‍යවරිය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...