මැතිවරණ කොමිසම වෙනස් කිරීමට කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ – විපක්ෂ නායක සජිත්

Date:

25 වනදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීම සඳහා කිසිදු තීන්දුවක් නොගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ව්‍යවස්ථා සභාවෙන් සිදුකරනුයේ විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම බවත් ඒ හරහා ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය තුලනය කිරීමට කටයුතු කරන බවත්, ව්‍යවස්ථාදායක සභාවට වගකීම් රැසක් තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනවාරි 25 දිනයේ පැවති පැවැති ව්‍යවස්ථා සභාවේ දී ගනු ලැබූ තීන්දුවක් පිළිබඳව සිය අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා පවසා සිටියේ මැතිවරණ කොමිසම හැරුණුකොට අනෙකුත් කොමිෂන් වලට ඉල්ලුම්පත් කැඳවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් මැතිවරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත්, එය කිසිසේත් කළ නොහැකි බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා, පවතින මැතිවරණ කොමිෂන් සභාව මෙලෙසම ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණය කළේය.

කෙසේවෙතත් ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධව කටයුතු කිරීම බරපතල වරදක් බව පැවසූ විපක්ෂ නායකවරයා එය සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද පැවසීය.

පසුගිය සමයේ උපාධිධාරීන් 50000 කට රැකියා ලබා දීමේදී තාක්ෂණික කරුණු කිහිපයක් පදනම් කොටගෙන එම රැකියා අහිමි වූ උපාධිධාරීන් හාරසියයකට ආසන්න පිරිසක් ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...