නිවසක් ගිනිගැනීමෙන් මවක් සහ දරු දෙදෙනෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් ගිනිගැනීමෙන් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු මරුමුවට පත්ව තිබේ.

ඊයේ (26) රාත්‍රියේදී මෙම ගිනිගැනීම සිදුව ඇත.

ගින්නෙන් තුවාළ ලැබූ එම පවුලේ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN