ඡන්දයක් නෑනෙ, ඔයා පරදින්නේ නෑ – ජනපති කිත්සිරිට කියලා !

Date:

ඊයේ (26) දිනයේදී ගෝල්ෆේස් හෝටලයේ පැවති විවාහ උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ හමුවී තිබේ.

කිත්සිරි රාජපක්ෂ හෙවත් පොඩි චොප්පේ යනු බලය ඇතත් නැතත් දීර්ඝ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයින්ම පක්ෂපාතීව කටයුතු කරන නාගරික මන්ත්‍රීවරයෙකි.

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී කිත්සිරි ප්‍රකාශ කර තිබුණේ “මාර වැඩේ සර්, බලන්නකො මේ සජිත් මේ පාර මාව පරද්දන්න සුදුවැල්ල කොට්ඨාසයට මුජිබර්ව දාලානෙ … දැන් ඉතින් ලොකු සටනක් මට කරන්න වෙන්නේ” කියාය.

එහිදී ජනාධිපතිවරයා සිනාසෙමින් විහිළුවෙන් මෙන් පවසා තිබුණේ “නෑනෙ ඉතින්. ඡන්දයක් නෑනෙ. ඒ නිසා ඔයා පරදින්නෙත් නෑනෙ” යනුවෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

“මරික්කාර්ලාගෙ ලණුවක් කාලා මුජිබර් පාර්ලිමේන්තුවෙනුත් අස්වුණා. දැන් ඉතින් එයාට තමයි මාර වැඩේ වෙලා තියෙන්නෙ” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...