මියන්මාරයේ අබිං වගාව 33%කින් ඉහළට – එක්සත් ජාතීන්ගේ සංවිධානය

මියන්මාරයේ අවුන් සාන් සුකීගේ රජයේ පාලනය හමුදාව විසින් පැහැර ගැනීමත් සමඟ අබිං වගාව 33%කින් ඉහළ ගොස් ඇති බව ඊයේ(26) දිනයේදී එළි දක්වන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව අනාවරණය වේ.


ඒ අනුව, ඇෆ්ගනිස්ථානයෙන් අනතුරුව ලෝකයේ දෙවන විශාලතම අබිං නිෂ්පාදකයා මියන්මාරය වන අතර ප්‍රධාන වශයෙන් නැගෙනහිර සහ අග්නිදිග ආසියාව සහ ඕස්ට්‍රේලියාවට මියන්මාරය හෙරෝයින් අපනයනය කරයි. දශක ගනනාවක දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මියන්මාරයේ මායිම් ප්‍රදේශ බොහෝ දුරට නීති විරහිත වී ඇති අතර, ඒවා මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින් සහ ජාවාරම්කරුවන් ගේ පාලනයේ පවතින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනාවරණය වේ.

2021 පෙබරවාරියේ මියන්මාරයේ පාලනය හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික, ආරක්ෂක බිඳ වැටීම් හා අසාර්ථක වීම් හේතුවෙන් දුරස්ථ ප්‍රදේශවල වැඩිවන ග්‍රාමීය කුටුම්භ සංඛ්‍යාවක් ආදායම සඳහා අබිං වගාව මත වැඩිපුර යැපීමට තල්ලු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය ඇස්තමේන්තු කර ඇත්තේ අබිං හේතුවෙන් රටේ ආර්ථිකයේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 660 සිට ඩොලර් බිලියන 2 දක්වා පරාසයක පවතින බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...