*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ගොවියන්ට වන්දි

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නෙන් 30%ක් හෝ 40%ක් හෝ අඩු වන්නට ඉඩ ඇතැ’යි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් ගොවීහු මහ කන්නයේ වගාව අත්හළහ. සමහර ගොවීහු ඕනෑවට එපාවට වගා කළහ. තවත් ගොවීන්ගේ වී වගාව පොහොර ප්‍රශ්නය මත හැබෑවටම අසාර්ථක විය. රසායනික පොහොර හා කෘත්‍රීම කෘමිනාශක නැතිව වී වගාව කළ හැකි යැයි තවත් සමහර ගොවීහු මහ කන්නයේ දීම සනාථ කළහ. කුමක් වුව ගොවි විරෝධතාවලට ප්‍රතිචාර ලෙසින් කෘෂිකර්ම අමාත්‍යවරයා දැක්වූයේ වගා හානිවූ වී ගොවියාට උපරිම වන්දියක් දීමට ක්‍රියා කරන බවය. දැන් එය යථාර්ථයක් වී ඇත.පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණු ගොවි විරෝධතා සියල්ල ඇත්ත ඒවා ලෙස පිළිගත නොහැකිය.

එය පිටුපස දේශපාලනයක් තිබිණි. එක අතෙකින් ජනමාධ්‍ය ඒවා උලුප්පා දක්වන්නට ඉදිරිපත් වූයේ ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා යැයි මතයක් තිබේ. ඇතැම් ගොවි සංවිධාන කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කැමරාව ඉදිරිපිට පොහොර පොළොවේ ගසන, අස්වැන්න විනාශ කරන හා ආණ්ඩුවට කැත වචනවලින් බැණ වදින ගොවීන්ට මුදල් ලබා දුන් බවය. ඒ අනුව ගොවි විරෝධතාවලින් සමහරක් කුලියට රඟපෑම මත ගොඩනැඟුණු ඒවා බව පිළිගැනීමට සිදුවේ.

එහෙත් හැබෑවටම ගොවියා අසරණ වූ අවස්ථා ද තිබිණි. එය ද පිළිගත යුතුය.මේ වන විට ගොවි උද්ඝෝෂණ දකින්නට නැත. වන්දි දීමත් සමඟ ඒවා නැවත මතුවන්නටත් පුළුවන. ඇතැම් දේශපාලන පක්ෂ ගොවියාට වන්දි දිය යුතු යැයි තර්ක කළ ද හැබෑවටම එබඳු වැඩසටහනක් ක්‍රියාත්මක වනවාට කැමැති නැත. ඒ අනුව වන්දිය මදි යැයි කියන්නට පුළුවන. වන්දි ලබාදෙන සූත්‍රය වැරැදි යැයි කියන්නට පුළුවන. සියලුම ගොවීන්ට වන්දි දිය යුතු යැයි අලුත් තර්කයක් මතු කරන්නටත් පුළුවන. ආණ්ඩුව මේ විවේචන ගණන් නොගෙන සිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය. කෘෂිකර්ම අමාත්‍යවරයා තරම් ගර්හාවට හා නින්දාවට ලක් වූ වෙනත් ඇමැතිවරයකු අප දැක නැත. ඔහුගේ පඹයන් සිය ගණනක් ප්‍රසිද්ධි‍යේ පුලුස්සා දැමිණි. එහෙත් ඔහු හරිත කෘෂිකර්මය අත්හැර නැත.කොවිඩ් වසංගතයත් සමඟ ආණ්ඩුව බරපතළ ආර්ථික අර්බුදයක ගිලුනු බව රහසක් නොවේ.

කවුරුන් බලයේ සිටිය ද එම පීඩනයට මුහුණ දෙන්නට සිදු වේ. එහෙත් ගැටලුකාරී තත්ත්ව එකින් – එක විසඳා ගනිමින් තම වැඩසටහන් ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව සමත් වී ඇත. සෙමෙන් වුව හිස එසැවීමට ආණ්ඩුවට හැකියාව ලැබී ඇත. මේ වසර ආරම්භ වූයේ රාජ්‍ය සේවකයාට අලුත් දීමනාවක් ලබා දෙමින් හා ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ලබා දුන් විසඳුම ක්‍රියාත්මක කරමින්ය. රුපියල් පන්දහසේ දීමනාව විශ්‍රාමිකයන්ට හා ආබාධිත සෙබළුන්ට ද ලැබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක තීරු බදු කපා හරින්නට ද තීරණයක් ගනු ලැබිණි. දැන් ගොවි වන්දිය ක්‍රියාත්මක වෙයි.ගොවියන්ට මදි නොකියන්නට වන්දි දීමටත්, වී සඳහා රුපියල් හැත්තෑපහක සහතික මිලක් ලබා දීමටත් ආණ්ඩුව තීරණය කර තිබේ. ආණ්ඩුවේ තීරණයට අනුව වී ගොවියන්ට වන්දි දීම සඳහා රුපියල් කෝටි හාරදහසක් වෙන් කර තිබේ. රාජ්‍ය ආයතන මඟින් වී මිලට ගැනීම සඳහා තවත් රුපියල් කෝටි දෙදහස් නවසිය අසූවක් ද වෙන් කර තිබේ. ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර කියා සිටියේ තමන් ද ගොවියකුගේ පුත්‍රයකු වන බැවින් ගොවීන්ගේ ගැටලු ගැන හොඳ අවබෝධයක් තමන්ට ඇති බවය. ඒ කතාව අවංක එකක් බව ද එය පුරසාරමක් නොවන බව ද දැන් සනාථ වෙයි.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan