මන්ත්‍රීලාටත් ආර්ථික ප්‍රශ්න ලු !

Date:

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් 30%ක පමණ පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් මුහුණ පා සිටින ආර්ථික ප්‍රශ්න හා වෙනත් ගැටලු මීට හේතුවී ඇති බව සඳහන්.

විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති නිසා පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් අතරින් බොහෝ පිරිසකට සිය මැතිවරණ ප්‍රචාරක වියදම් පියවා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් වාහන බලපත්‍රය විකිණීමෙන් මැතිවරණ වියදම පියවා ගැනීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් වාර්තා විය.

ඒ අනුව මහමැතිවරණයට පෙර වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණයට තරග නොකිරීමට බොහෝ දෙනෙකු තීරණයට කර ඇති බවත් දැනටමත් පාර්ලිමෙන්තුවේ සේවා අංශයට පැමිණෙන බොහෝ නවක මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කරන බවත් වාර්තා විය.

කෙසේවෙතත් මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත් ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර වාහන ආනයනකරුවන්ට වාහන ආනයනයට තවමත් අවසර ලබාදීමක් සිදුකර ද නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...