අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට තීරණයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

දැනට පවතින ඇතුළුවීමේ කවුන්ටර (check – in counters) 20ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණය කෙරිණි.

තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බැවින් ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...