ට්‍රම්ප් තමා විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නීතිඥයින් නෙරපා හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රහසිගත ලේඛන වැරදි ලෙස පරිහරණය කිරීම සහ ඔහුගේ 2020 මැතිවරණ පරාජය පෙරලා දැමීමට ඔහු දැරූ උත්සාහය පිළිබඳව විමර්ශනය කළ හිටපු විශේෂ නීතීඥ ජැක් ස්මිත් ඇතුළු සිය කටයුතු විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නීතිඥයින් රැසක් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් ට්‍රම්ප් පත්කළ වැඩබලන නව නීතිපති ජේම්ස් මැක්හෙන්රි සඳහන් කර තිබුණේ, ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීම ගැටලුකාරී වන බැවින් ජනාධිපතිවරයාට එරෙහිව අපරධ නඩු විභාග කළ නීතිඥයින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවේ දිගින් දිගටම සඳහන් කර තිබුණේ, තමා බලයට පත්වී තත්පර දෙකක් තුළ හිටපු නීතිපති මෙරික් ගාර්ලන්ඩ් විසින් පත් කරන ලද විශේෂ නීතීඥ ජැක් ස්මිත් සේවයෙන් පහ කරන බවයි. කෙසේ නමුත් විශේෂ නීතීඥ ජැක් ස්මිත් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් නොවුනේ නම් පැහැදිලිවම ඔහුට දඬුවම් කළ හැකි බවට වාර්තාවක් අධිකරණ දෙපාර්තමේන්තුවට ලබා දී ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පෙරම ඉල්ලා අස් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...