*
Monday, May 6, 2024
spot_img

Latest Posts

“ගහලා VAT – රටම FLAT” දැවැන්ත උද්ඝෝෂණය – සුළු ජාතික ඡන්ද මෙවර කාටද? ශ්‍රීධරන් ස්වයං පාලන අයිතිය ඉල්ලයි – දිලිත්ගෙන් හෙළිදරව්වක් – ටිල්වින් අනුරගේ සැලසුම් හෙළි කරයි – නන්දලාල් දැන් කියන කතාව

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා තීරණය කරන ප්‍රධානතම සාධකය සුළු ජාතික ඡන්ද පදනම බව මේ වන විට පැහැදිලි වෙමින් පවතී.

දැනට ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය සියයට 31 ක් දක්වා ඉහළ නැග තිබේ. මේ නිසා මේ සියයට 31 ක ප්‍රතිශතයෙන් සියයට 25 කුත් සිංහල ඡන්ද වලින් සියයට 25 කුත් ලබා ගත හැකි කවර හෝ අපේක්ෂකයකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම පහසුය. මෙහිදී උතුරු නැගෙනහිර ට මෙන්ම වතුකරයට ලැබෙන්නේ කවරෙකුටද යන්න තීරණාත්මකය. මේ නිසා මේ සියලු පාර්ශව එක්කළ හැකි සියලු පාර්ශව විස්වාස කරන සියලු දෙනා පිළිගන්නා දකුණේ සිංහල දේශපාලනඥයෙකුට ඒ සඳහා අවස්ථාව තිබේ.

තොන්ඩමන්, දිගම්බරම් හා කඳුරට ජනතා පෙරමුණ ද, මනෝගනේෂන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි, EPDP, රවුෆ් හකීම් ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා රිෂාඩ් බදුර්දීන් ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක සහය ලැබෙන්නේ කුමන පාර්ශවයකට ද යන්න මත එය තීරණය වනු ඇත.

උතුරේ ඡන්ද සම්බන්ධයෙන් ඉතාම වැදගත් සිදුවීමක් වූයේ පසුගිය දිනවල සිදු වූයේ ඉලංගෙල් තමිල් අරසු පක්ෂයේ නව නායකයා තේරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ශ්‍රීධරන් ගේ ජයග්‍රහණයයි.

සුමන්තිරන් පරදා ශ්‍රීධරන් ජයගත් හැටි …..

1949 දී එස්.ජේ.වී. චෙල්වනායගම් ඇතුළු පිරිසක් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් වෙන්ව ඉලංගයි තමිල් අරසු කච්චි පිහිටුවා ගත්හ. එය මුල් කාලයේ හැඳින්වුණේ ෆෙඩරල් පක්ෂය වශයෙනි. 1972 දී එම පක්ෂය දෙමළ කොංග්‍රසය හා වතුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය සමඟ එක්ව දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තේය.

1976 දී එම සන්ධානය වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ වට්ටුක්කෝට්ටයි යෝජනාව සම්මත කරගෙන තම නම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස වෙනස් කර ගත්තේය. මේ සන්ධාන දෙකේම ප්‍රධාන පක්ෂය වූයේ තමිල් අරසු කච්චි පක්ෂයයි.

ශ්‍රීධරන් නායකත්වයට පත්වුණේ පසුගියදා එම පක්ෂයේ අභ්‍යන්තරයේ පැවති ඡන්ද විමසීමක දී ය. ත්‍රිකුණාමලය නගර ශාලාවේ පැවැති පක්ෂ නායකයා තේරීමේ නිලවරණයේ දී අපේක්ෂකයෝ තිදෙනෙක් ඉදිරිපත් වී සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සීනිතම්බි යෝගේෂ්වරන් තරඟකළ අනෙක් දෙදෙනා වූහ.

යෝගේෂ්වරන් නිලවරණය පැවැති දා නිලවරණයට මොහොතකට පෙර තම අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගෙන ශ්‍රීධරන් ට සහාය පළ කළේය. ඒ අනුව අවසානයේ දී තරඟය පැවතුණේ ශ්‍රීධරන්, සුමන්දිරන් යන දෙදෙනා අතරය. ශ්‍රී ධරන් ඡන්ද 184ක් ලබාගෙන ජයග්‍රහණය කළ අතර සුමන්දිරන්ට ලැබුණේ ඡන්ද 137ක් පමණි. බොහෝ දෙනා සිතුවේ සුමන්තිරන් මෙහිදී පහසු ජයග්‍රහණයක් අත්කරගනු ඇති බවය. එහෙත් අවසානයේ ශ්‍රීධරන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ස්රීධරන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව හා බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් මෙහිදී තිරය පසුපස විශාල කාර්ය භාරයක් දියත්කළ බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුමන්තිරන් පසුගිය කාලය පුරා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කිසියම් හෝ අමනාපයකින් පසුවන බව දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ කාරණයකි. මේ සිත් නොහොඳ නිසා ආණ්ඩුවේ පාර්ශවයෙන් ද මේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු විය.

ශ්‍රීධරන් ස්වයං පාලන අයිතියට සටනේ….

මේ අතර “මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ” බව ඉලංගෙල් තමිල් අරසු නව නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සඳහන් කර තිබේ. උතුර හා නැගෙනහිර පළාත් වල ජනතාවට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් සැකසීමට නම් ස්වයං පාලන දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ද හෙතෙම කියා සිටී. ඒ සඳහා පලාත් දෙකේම දේශපාලන පක්ෂ එක්සත්ව සටන් කිරීමට තමන් ආරාධනා කරන බව ද හෙතෙම පැවසීය.

වසර තිහක කාලයක් යුද්ධයෙන් බැටකෑ තම පළාත්වල ජනතාවට සංවර්ධනයෙන් පමණක් පළක් නැතැයි ද පවසන ඔහු දේශපාලන විසඳුමක් සඳහා සිය සටන අඛණ්ඩව ගෙන යන බවද කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් උතුරේ ජනතාවට යම් පොරොන්දු ලබාදීමට දකුණේ දේශපාලනඥයින්ට සිදු වනු ඇත.

කෙසේ වෙතත් උතුරේ දේශපාලඥයන්ගේ ඉල්ලීම් හා එහි ජනතාවගේ අභිලාෂයන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට දකුණේ නායකයන් කටයුතුකළ යුතුය.

මේ අතර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු මේ වන විට දැවැන්ත මාධ්‍ය ජාලයක් හිමි කරගෙන සිටින ලයිකා මොබයිල් හිමිකාර සුබාස්කරන් අල්ලිරාජා මීළඟ මහා මැතිවරණයකදී උතුරෙන් තරඟ කිරීමේ සූදානමක් පවතින බවද පැවසේ.

උතුරේ ඡන්ද හා වතුකරයේ ඡන්ද වලදී ඉන්දියාව තීරණාත්මක සාධකයක් වන බව රහසක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ චීන බලපෑම මෙන්ම මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් උගත් පාඩම නිසා ශ්‍රී ලංකාවේ මෙවර මැතිවරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ බලපෑම අන්කවර අවස්ථාවකටත් වඩා වැඩි බව කිව යුතුය.

මේ නිසා රට පුරා මේ අභියෝගය ජය ගනිමින් සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජාතීන්ගේ ඡන්දය ලබා ගෙන ජනාධිපතිවරණය ජයගත හැකි සිංහල අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් කිව නොහැක. ඇතැම් විට එම අපේක්ෂකයා අවසන් මොහොතේ තරඟයට පැමිණෙන්නේ දැයි කිසිවකුත් දන්නේ ද නැත.

සමාජ මාධ්‍ය පනත

සමාජ මාධ්‍ය පනත කෙසේ හෝ සම්මත කරගන්නට ආණ්ඩුව කටයුතු කළේය. ආණ්ඩුව කුමක් කීවත් මේ හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසට දැඩි බාධා එල්ලවන බව රහසක් නොවේ. 

කාන්තාවන් හා දරුවන් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුවන අහිතකර බලපෑම් පාලනය කළයුතු බවට විවාදයක් නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඊට පමණක් බලපාන පරිදි නීති රීති ගෙන ඒම මිස පොදුවේ ඕනෑම කෙනෙකුට එරෙහිව තමන්ට ඕනෑම අවස්ථාවක භාවිතකළ හැකි පරිදි නීති ගෙන ඒම අතිශය භයානකය. අද ආණ්ඩු පක්ෂයේ සිටියත් අනාගතයේ විපක්ෂයේ සිටින්නට සිදුවූවහොත් අද මේ මර්ධනකාරී පනත් වලට අත් ඔසවන පිරිස් වලටම එම පනත පාරාවළල්ලක් වනු ඇත. මෙහිදී මීට පක්ෂව ඡන්දය දුන් බොහෝ දෙනෙකු පක්ෂයේ තීරණය මත හෝ එම පනත් කෙටුම්පතේ යම් යම් කොටස් ගැන සිතා එසේ කළා මිස ඒ සම්බන්ධයෙන් වැඩි අවබෝධයකින් කටයුතුකළ බවක් දැක ගත නොහැකි විය. එසේම ඇතැම් විට මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය බලය හිමි කරගෙන සිටින කණ්ඩායම් වලට පාඩමක් උගන්වන්නට මෙසේ කළා වන්නටද පුළුවන. ඒ කෙසේ වෙතත් දීර්ගකාලීනව මේ අහිමිව යන්නේ රටේ ජනතාවගේ නිදහස හා මාධ්‍ය නිදහස බව තේරුම් නොගැනීම බරපතල තත්වයකි. රටේ අනාගත නායකත්වයට සිහින මවන ඇතැම් තරුණ දේශපාලනඥයන් පවා මෙහි දී සිදුකළ ප්‍රකාශ පුදුම සහගතය. මෙය මීට වඩා සමාජය තුළ සාකච්ඡාවට ලක්ව මහජන අදහස් ලබා ගනිමින් සම්මතකළේ නම් මීට වඩා ජනතාවට යහපත් වාතාවරණයක් ඇති වනු ඇත. එසේම ජාත්‍යන්තර සමාගම් රැසක් මේ පනතට විරෝධය පළකර අතිඕ අතර ඒ අනුව ඔන්ලයින් ව්‍යාපාර සඳහා අවදානමක් ද ඇතිවී තිබේ.

සනත් නිශාන්ත ගේ මරණය

සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ මරණය සමස්ත දේශපාලන ක්ෂේත්‍රයම සසල කර තිබේ. එය රිය අනතුරකින් සිදුවූ බව පැවසෙතත් ඇතැම් පිරිස් එම මරණය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන දෙමින් සිටිති. මේවායේ සත්‍ය අසත්‍යතාවය කිසිවකුත් හරිහැටි දන්නේ නැත. කෙසේවුව ද අවසානයේ තනිවී ඇත්තේ ඔහුගේ කුඩා දරුවන් සිවුදෙනා සහ බිරිඳය. පුත්තලමේ පොහොට්ටු ප්‍රබලයා වූ සනත් නිශාන්ත සම්බන්ධයෙන් කවර චෝදනා පැවතිය ද පුත්තලමේ ජනතාව අතර ඔහු ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඔහුගේ අභාවය පොහොට්ටුවට ද මේ මැතිවරණ වසරේ සිදුවූ විශාල පාඩුවකි.

රනිල් නාරාහේන්පිට අභයාරාමයට

ස්විට්සර්ලන්තයේ හා උගන්ඩාවේ සාර්ථක නිල සංචාරවල නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යලිත් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ නොකරන බව ප්‍රතිවාදීන් පැවසුව ද ඔහු ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩකටයුතු කරගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පසුගිය උතුරේ සංචාරයේ දී ඔහු සුළු ජාතික ඡන්ද වලට දැත දිගු කළේය.

මුරුත්තෙට්ටුවෙි ආනන්ද නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය දා නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වුණ දානමය පුණ්‍යකර්මයකට ජනාධිපතිවරයා සහභාගී විය.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවැසූහ.

අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වූව ද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනපති රනිල් පමණක් බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

වෙනත් කිසිම දේශපාලනඥයකු අභයාරාමයට උදව් කර නැති බව තමා පැහැදිලිව කියන බවද ආනන්ද හිමියෝ පැවැසූහ.

මෑතකාලීනව රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ ප්‍රධාන ස්ථානයක් බවට පත්ව තිබූ නාරාහේන්පිට අභයාරාමය මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යහපත් මතයක පසුවන බව මේ අනුව පැහැදිලිව පෙනී යන කාරණයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට අනුගමනය කරමින් සිටින්නේ ඔහුගේ සුපුරුදු දේශපාලන ක්‍රමවේද වලට අමතරව රාජපක්ෂවරුන්ගේ දේශපාලන ක්‍රමවේද වල ද සම්මිශ්‍රණයකි.

ගහලා VAT – රටම FLAT” සජබ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය 30 වැනිදා

මේ අතර වැට් බද්ද හා අධික ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් රජයට විරෝධය පලකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කරන “ගහලා VAT – රටම FLAT” දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ජනවාරි 30 වැනිදා කොළඹදී පැවැත්වේ. මේ සඳහා රට පුරා සියලු ප්‍රදේශ වලින් සමගි ජන බලවේගයේ සාමාජිකයන් හා ජනතාව පැමිණීමට නියමිත අතර කොළඹ -ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක මෙහිදී සංවිධාන කටයුතු වල වැඩි බරක් දරන බව සඳහන්ය. උද්ඝෝෂණය කොළඹට පැමිණෙන සියලු මාර්ග ඔස්සේ කොළඹ ස්ථාන පහක් වෙත රවීමට නියමිත අතර ඉන් අනතුරුව ස්ථාන ගණනාවකදී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට නියමිතය. සජබ නායක සජිත් ප්‍රේමදාස රට පුරා සංවිධායකවරුන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් මේ සඳහා පසුගිය දින ගණනාවක් පුරා කටයුතු සංවිධානය කර තිබිණි.

ඔන්ලයින් පනතට සජිත්ගේ දැඩි විරෝධය

ඔන්ලයින් පනතට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි සටනක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගෙන ගියේය.

පාර්ලිමේන්තුව අමතමින් සජිත් පැවසුවේ “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනියි. පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්යපටිපාටිය ගැන ස්ථාවර නියෝගවල පැහැදිලිව සදහන් ඇති බවත් ස්ථාවර නියෝග 50 (2) යටතේ කෙටුම්පතක් පළමු වර කියැවිම සිදුවූ වහාම ආංශික අධීක්ෂණ කාරකසභාවට යොමු කළ යුතු බවත් කාරකසභාව විසින් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීම මෙන්ම කාරකසභාව විසින් පාර්ලිමේන්තුවට නැවත වාර්තා කරන තෙක් හෝ පාර්ලිමේන්තුව විසින් එසේ වාර්තා කිරිමට ලබා දී ඇති කාලය ඉකුත් වන තෙක් පාර්ලිමේන්තුව විසින් ඒ සම්බන්යෙන් පියවරක් නොගත යුතු බවට එහි සඳහන්. වාර්තාවක් නොමැතිව මෙම ක්‍රියාදායමය ව්‍යවස්ථානුකූලව සහ ස්ථාවර නියෝගවලට අනුකූලව ඉදිරියට යා නොහැකි බවත් මෙම මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් වාර්තාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට යටත්ව එකඟව මෙය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ කාරකසභා වාර්තාව එහි සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට පිළිගැන්විය යුතු යැයි ද තීරණය කර ඇති මුත් එම වාර්තාව ලැබී නැහැ.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම මෝඩයෝ නොවන බැවින් මේ සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධ ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබුණත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව නොමැති බැවින් මෙම විවාදයේ වැඩකටයුතු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් සංශෝධන ගැන දැනුමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු සගවා ඇති බවත්” ය.

එජාපය නව සන්ධානය හදන්න පක්ෂ ගනනාවක් සමඟ සාකච්ඡා

මේ වන විට එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ සටන සඳහා නව සන්ධානයක් නිර්මාණය කරමින් සිටී. ඒ සඳහා එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ වන විට විවිධ පක්ෂ හා බහුජන සංවිධාන රැසක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ වන විට පක්ෂය හැරගිය පිරිස් නැවත පක්ෂයට එකතු වෙමින් සිටිති. අළුතින් ඇති කරන ලද නායකත්ව මණ්ඩලය මගින් මේ වන විට පක්ෂයේ කටයුතු නව ජවයකින් සිදුකරගෙන යනු දක්නට ලැබේ.

මේ අතර කොළඹදී පවතී එජාප මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රවී කරුණානායක පැවසුවේ “ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. එසේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙනවා. එසේ තිබිය දී එම බැංකුවේ නිර්දේශ මත අදාළ බැංකු පොලී අනුපාත අඩු නොකරන්නේ ඇයි..? එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි..?

ජනතා විමුක්ති පෙරමුණේ කතාව විතරයි. නමුත් කිසිම සාර්ථකත්වයක් නැහැ. කතාව පහසුයි. ප්‍රතිපත්තියකට, ඉලක්කයකට සහ අරමුණකට අනුව රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම එසේ පහසු නැහැ. වී.අයි ලෙනින් ගැන කතා කතා කළාට රටට-ජනතාවට ඵලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් සිය වැඩපිළිවෙළ ඉදිරිපත්කළ යුතුයි. රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බව කිව යුතුයි” යනුවෙනි.

මෛත්‍රීපාල බරටම වැඩ -ශ්‍රීලනිප අලුත් සන්ධානයේ නායකත්වය චන්ද්‍රිකාට – තීරණ නායකත්ව මණ්ඩලයකින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාළව පක්ෂ සහ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා රැසක් සිදු කෙරිණි. එම නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකට ලබා දීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් සන්ධානයේ නායකත්වයට තනි තීරණයක් ගැනීමේ බලයක් නොමැති අතර සන්ධානයේ සියයට 50ක බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසුලන අතර අනෙක් පක්ෂවලට සියයට 50ක බලයක් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව සන්ධානයට නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර ඇති අතර සන්ධානගත වන පක්ෂ අනුව නායකත්ව මණ්ඩලය පත් කිරීමට නියමිතය.

මෙම සන්ධානය බුලත් කොලය ලකුණ හෝ පුටුව ලකුණ තෝරා ගැනීමට නියමිත අතර එය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත සූදානම් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානය ද සිය පළමු රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව පැවසේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය සමඟ සිටින කණ්ඩායම් ගණනාවක්ද ශ්‍රීලනිප නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇත. අදාළ සාකච්ඡා අවසන් වූ සැණින් නව සන්ධානයේ ප්‍රධාන රැස්වීමක් කොළඹදී පැවැත්වීමට ද යෝජනා වී තිබේ.

නව සන්ධානයේ ලකුණ පුටුව ?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය පිළිබඳව තිලංග සුමතිපාල මහතා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇත. මේ සම්බන්ධව පවතින නඩුව ඉවත් කර ගැනීමත් දෙදෙනාම එම තනතුරින් ඉවත්වීමත් අවශ්‍යවේ. එසේ නොවුනහොත් සන්ධානයේ සියලු පක්ෂ කැඳවා නව ලේකම්වරයකු පත් කරන්නට නියමිතය. එසේ නැතිනම් පොදු ජන එක්සත් පෙරමුණ හා එහි පුටුව ලකුණින් නව සන්ධානය ගොඩනැඟේ. එහි දැනට මහා ලේකම් තනතුර දරන්නේ ලසන්ත අලගියවන්නය. ඔහු චන්ද්‍රිකා විසින් දේශපාලනයට රැගෙන ආ පුද්ගලයකු වන අතර ඇයගේ මෙන්ම මෛත්‍රීපාලගේත් අතිශය විශ්වාසවන්තයෙකි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ කමිටු, ඡන්ද ක්‍රියාකාරී කමිටු, ඡන්ද පොල නියෝජිතයින් පත් කිරීම ලබන මාර්තු 01 වැනිදාට පෙර අවසන් කරන ලෙසත්, ආසන බල මණ්ඩල, තරුණ, කාන්තා ඇතුළු අනුබද්ධ සංවිධාන ජනවාරි 31කට පෙර පිහිටුවා අවසන් කරන ලෙසත් ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු ආසන සංවිධායකවරුන්ට උපදෙස් දී තිබේ. පක්ෂයේ ජාත්‍යන්තර කමිටු හා විදෙස් ශාඛා පිහිටුවීම ශ්‍රීලනිප විදේශ කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන ගේ මුලිකත්වයෙන් ලොව පුරා ශ්‍රීලාංකිකයන් වාසය කරන රටවල් රැසක දැනටමත් සිදු කර තිබේ.

ඩලස්ගේ තීරණය

ඉදිරි මැතිවරණ සඳහා කවර පක්ෂයක් හෝ සන්ධානයක් සමඟ එක්ව කටයුතු කරන්නේදැයි තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

UNP සහ පොහොට්ටුව හැර අනෙකුත් ප්‍රධාන පක්ෂ කීපයක් සමඟ රටේ සහ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙලකට එක්වීම සඳහා සාකච්ඡා පැවැත්වූ බවද එම සාකච්ඡා මැතිවරණ වලට තරඟ කිරීම හෝ තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් නොව ඊට වඩා පුළුල්ව, මේවන විට රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් එක්කර ගෙන ජනතා ප්‍රශ්න විසඳීම සඳහා වන වැඩපිළිවෙලකට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භකළ ඩලස් අලහප්පෙරුම පසු කලෙක දේශපාලනයට එක්වූ අතර ඔහු දිගින් දිගටම මහත්මා දේශපාලනයේ නිරත වූ මානව හිතවාදියකු ලෙස බොහෝ දෙනා සලකති. අනෙක් අතට ඔහු කිසිදා ජාතිවාදියෙකු හෝ අන්තවාදියෙකු නොවූ අතර කිසිඳු පාර්ශවයක් ඔහු සමඟ අමනාප නැත. මේ නිසා කවර හෝ සන්ධානයක් සමඟ කටයුතු කරන්නට ඔහුට බාධාවක්ද නැත.

අනුර ජය ගත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ටිල්වින් ගෙන් ප්‍රකාශයක්

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කැඳවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව මැතිවරණ කොමිසම විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ කොමිසම එළඹෙන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර කැඳවන ජනාධිපතිවරණයකින් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක තේරී පත්වන බවද හෙතෙම පැවසීය. ඒ බව ස්වාධීන සමීක්ෂණ වාර්තා රැසකින් මෙන්ම ආණ්ඩුවේ බුද්ධි අංශ විසින් සිදු කරන සමීක්ෂණවලින් ද තහවුරු කර ඇති බවත් හෙතෙම පැවසීය.

අනුර දිසානායක ජනාධිපති වූ වහාම වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ද ඉන් පසු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවද ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේය.


එසේම ලෙනින් ගුණ සමරුවක් අමතමින් “ලෝකයේ සමාජවාදී කඳවුර බිඳ වැටී ඇති මොහොතක තම දේශපාලන ව්‍යාපාරයට දවසින් දවස උපක්‍රම වෙනස් කරගෙන වැඩ කරන්නට සිදුව ඇතැයි” ටිල්වින් සිල්වා සඳහන් කළේය.

සමාජවාදී රටවල් ලෝකයේ කිහිපයක් පැවතුන ද ඒවා ආධ්‍යාත්මය පැත්තෙන් ලෝකයට බලපෑමක් නොකරන බවත් එනිසා සෑම විටම පවතින තත්ත්වය විග්‍රහ කරගෙන ඒ තත්ත්වයට උපක්‍රම හදාගෙන එම තත්ත්වයත් වෙනස් වුවහොත් තමන් හදන ලද වැඩපිළිවෙළද පැත්තකට දමා අලුත් තත්ත්වයට අළුත් එකක් හදන්නට සිදුවන බවත් තම දේශපාලනය එය බවත් ඔහු සඳහන් කළේය.

නිර්ධන පංතිය ව්‍යාපාරය, සුළු ධනේශ්වර ව්‍යාපාරය ආදිය හද්දා පරණ වචන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකදී ඇය මෙසේ අදහස් පළ කර තිබිණි.

‘ඔය හද්දා පරණ වචන වලින් අද තත්ත්වය අපිට විග්‍රහ කරන්න බෑ. ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ සියළුම ජන කොටස් නියෝජනය කරන පුළුල් බලවේගයක්. ඒක තුළ ගැහැණු ඉන්නවා පිරිමි ඉන්නවා ගොවි කම්කරු ධීවර ප්‍රජාව ඉන්නවා. වෘත්තිකයෝ මාධ්‍යම පන්තියේ ඉන්නවා. ඒ වගේම පීඩාවට පත් වෙලා ඉන්න විවිධ කණ්ඩායම්. ඒ සියලු දෙනා අපි නියෝජනය කරනවා,’ හරිනි අමරසුරිය පවසා තිබේ.

මේ අනුව පෙනී යන්නේ ජාතික ජන බලවේගය තුළ නව අදහස් ඇතිවෙමින් නවීන ලෝකය සමඟ ඔවුන් ගමන් කරන්නට දරන උත්සාහයයි. සම්ප්‍රදායික ජනතා විමුක්ති පෙරමුණේ දැඩි මතධරීන්ට ද මේ තත්ත්වය යටතේ වෙනස් වෙමින් නවීන ලෝකය සමඟ අනුගත වන්නට සිදුවනු ඇත.

නන්දලාල් දැන් මොකක්ද මේ කියන්නේ?

‘වැට්’ බද්ද සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටී.

මෙරට උද්ධමනය ඉදිරියේදී සියයට 4 ත් 6 ත් අතර සාමාන්‍ය අගයක පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී වෙළෙඳපොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසීමට අවස්ථාව දී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීය.

පොලිය අනුපාතය ස්ථාවරව පත්වගෙන ගොස් ඉදිරියේදී නැවත සලකා බලන බව පවසන ඔහු එතෙක් ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගෙන යන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී එසේ පැවසීය.

නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිවරයා මෙවැනි ප්‍රකාශ නිකුත් කරනවාට වඩා රටේ ජනතාව මේ වන විට සාමාන්‍ය ජනතාව පත්ව තිබෙන අපහසුතා වලට ඔහු ගන්නා විසදුම් සම්බන්ධයෙන් රටට පැහැදිලි ප්‍රකාශයක්කළ යුතුව තිබේ.

මහබැංකු අධිපතිවරයා දැන් කුමක් කීවත් මීට පෙර ඔහු ද මහා බැංකුවේ ප්‍රධාන තනතුරු ගණනාවක් දැරූ පුද්ගලයකු බැවින් ඔහු ද ඇතුළුව සමස්ථ මහබැංකුව රටේ වර්තමාන තත්වයට යම් ආකාරයකට වගකිව යුතුව තිබේ. එම නිසා දැන්වත් මීට වඩා වගකීමකින් අධිපතිවරයා ප්‍රමුඛ සමස්ත මහබැංකුව කටයුතු කළ යුතුව තිබේ.

මහබැංකුව පවසන ආකාරයට බැංකු පොලිය අඩු කරන්නට කටයුතු නොකරන වාණිජ බැංකුවල බලපත්‍ර තාවකාලිකව හෝ තහනම් කරන්නටත්, වැරදි කරන බැංකු සඳහා මහා පරිමාන දඩ මුදල් නියම කරන්නටත් මහා බැංකු කටයුතුකළ යුතුය.

මහජනතාව බැනු වලින් සිදු කරන වැරදි වලදී වාණිජ බැංකු වලට එරෙහිව මහා බැංකුවට පහසුවෙන් පැමිණිලිකළ හැකි ක්‍රමවේදයක් හා ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් තුළ පියවර ගත හැකි ක්‍රමවේද වහාම ඇතිකළ යුතුය. එම පැමිණිලි සම්බන්ධයෙන් පසු විපරමක්කළ යුතුය.

බැංකු වලින් අය කරන විවිධ බැංකු ගාස්තු වල කිසිඳු පාලනයක් ක්‍රියාත්මක නොවේ. ඒ සඳහා සියලු බැංකු වලට පොදු සාධාරණ ක්‍රමවේදයක් ඇතිකළ යුතුය. පොලී අනුපාත වල හා විනිමය අනුපාත වල නිසි පාලනයක් අවශ්‍ය වන අතර මහජනතාව ගසාකෑම වැලක්වීමට මහ බැංකුව මැදිහත් විය යුතුය. කිසිඳු මුදල් ඉපයීමක් නොකළ ද අනෙකුත් රජයේ සේවකයන්ට සාපේක්ෂව මහ බැංකුවේ නිලධාරීහු ඉතාම විශාල වැටුප් ලබති. දීමනා හා විශ්‍රාම වැටුප් අති විශාලය. අඩුම තරමින් මේ ගන්නා වැටුපට රටේ ජනතාවට සාධාරණයක් ඉටුකරන්නට මහා බැංකුව කටයුතු කළයුතුව තිබේ.

නන්දලාල්ට Fits Air සේවකයන් ගැන ඔත්තුවක්

බදු නොගෙවන පිරිස් සම්බන්ධයෙන් හෙළිදරව් කරනලෙස මහා බැංකු අධිපතිවරයා පසුගිය දා ඉල්ලා තිබිණි.

Fits Air සමාගම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ගුවන් සේවාවකි. එහි ගුවන් යානා ද ලියාපදිංචි කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.

Fits Air සමාගමට සේවය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් ඉවත්වූ ගුවන් නියමුවන් හා ගුවන් සේවක සේවිකාවන් එක්ව සිටිති. මොවුන් සඳහා වැටුප් ගෙවීම ඩුබායි හි පිහිටුවන ලද සමාගමක් හරහා සිදු කරන අතර ඒ හේතුවෙන් මෙම ගුවන් නියමුවන් හා ශ්‍රීලාංකික සේවක සේවිකාවන් හා ශ්‍රී ලංකාවට බදු ගෙවීමක් සිදු කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ උපයන විට බද්ද නොගෙවීම සඳහා අදාළ සේවක සේවිකාවන් වසරකට දින 180 කට වඩා විදෙස් රටක ජීවත් විය යුතු වූව ද ඔවුන් වසර පුරා ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ගුවන් සේවයක් වන Fits Air හි සේවය කරමින් විශාල බදු වංචාවක නිරත වේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් වැටුපෙන් සියයට 36 ක් බදු ගෙවද්දී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Fits Air ගුවන් සේවයේ සේවක සේවිකාවන් කිසිඳු බදු මුදලක් නොගෙවා ඩුබායි හි සමාගමකින් වැටුප් ලබමින් සිටිති. ඒ මගින් මේ වන විට රුපියල් මිලියන සියගනනක බදු අහිමිවීමක් සිදුව තිබේ.

ජාතික ජනබලවේගයට ලන්සාගෙන් ජා ඇලදී දරුණු ප්‍රහාරයක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට බදු අඩු කිරීමට උපදෙස් ලබාදුන්නේ නාලක ගොඩහේවා බවත්, ඔවුන්ගේ වසර 30ක දේශපාලනය ඔහු විසින් විනාශකළ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පැවසීය.

ජා-ඇල පැවැති ලන්සා-නලීන් නව සන්ධානයේ දේශපාලන රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඊට අමතරව තවත් පිරිස් ගෝඨාභයට උපදෙස් ලබාදෙමින් රසායනික පොහ‍ොර ගෙන්වීම නැවැත්වුවහොත් හිටපු ජනාධිපතිවරයාට නොබෙල් ‍ත්‍යාගය ලැබෙන බවට වැරදි උපදෙස් දුන් බව ලන්සා වැඩිදුරටත් පැවසීය.

නව සන්ධානයට පක්ෂයක්, ලාංඡනයක් සහ නායකයෙකු මේ වන විට නොමැති වූව ද ඉදිරියේදී දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් එක්කර ගනිමින් විශාලතම සන්ධානය බිහිකරන බව එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පැවසුවේය. එසේම ජාතික ජනබලවේගය වෙත මෙහි දී ලන්සගෙන් දරුණු විවේචනයක් එල්ල විය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා හා නිමල් ලන්සා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මම රනිල්ට මුක්කු ගහන්නේ නැහැ – අනුර දිසානයක හා රනිල් හොඳ මිත්‍රයෝ – දිලිත් කියයි

තමන් හා රනිල් වික්‍රමසිංහ සමඟ තමන්ගේ කිසිඳු දේශපාලන මුක්කු ගැසීමක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මේ රටේ සභ්‍යත්වය හෝ අනාගතයක් ගැන විශ්වාස නොකරන්නකු බවත් ජනතා විමුක්ති පෙරමුණ හා රනිල් පෞද්ගලිකව හොඳ මිත්‍රයන් බව රටේ ජනතාව දැනගත යුතු බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට ආරාධනා කරන බවත් පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ ඔහු තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිඳු බාධාවක් නැති බවද පැවසීය.

තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිතුරන් වන නමුත් අනුර දිසානායක මහතා සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan