පුවත් මවන මන්ත්‍රී අර්ජුනා අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අරුචුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පසුගිය 20 වැනිදා රාත්‍රියේ අනුරාධපුරදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති පැමිණිල්ලට අනුවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුචුනා රාමනාදන් අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසයි.

යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අදාළ විමර්ශනයේ කරුණු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...