කොළඹ LNW:ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
“අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩ කටයුතු අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා.” යනුවෙන් ලේකම්වරයා සඳහන් කරයි.
ලේකම්වරයා මේ බව පැවසුවේ අද (29) අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
ආශිකා බ්‍රාහ්මණ